Hiru Relay Championship 2026 කොළඹ කාන්තා විද්යාලය විශිෂ්ට ජයක් සමගින් 14න් පහළ 100X4 ඉසව්වේ බාලිකා අවසන් මහා තරගයට..
දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගනයේදී මේ වනවිට පැවැත්වෙන Hiru Relay Championship 2026 තරගාවලියේ කොළඹ කාන්තා විද්යාලය විශිෂ්ට ජයක් සමගින් 14න් පහළ 100X4 ඉසව්වේ බාලිකා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.
එහිදී ඔවුන් තත්පර 52.83කින් තරගය අවසන් කිරීමට සමත් වුණා.
මෙම ඉසව්වේ අවසන් තරගය අද සවස පැවැත්වීමට නියමිතයි.
හිරු මාධ්ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ මග පෙන්වීම යටතේ හිරු මාධ්ය ජාලයේ පූර්ණ අනුග්රාහකත්වය යටතේයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ.
ශ්රී ලංකා පාසල් මලල ක්රීඩා සංගමය විසින් 4 වැනි වරටත් සංවිධානය කරන සහය දිවීමේ තරගාවලිය අධ්යාපන අමාත්යාංශයේ අනුමැතිය ඇතිව සියලුම වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයිනේ පාසල් ළමුන් 4500කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මේ වනවිට පැවැත්වෙනවා.