Hiru Relay Championship 2026 18න් පහළ බාලිකා මෙඩලි සහය දිවීම ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලය දිනාගනී.
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී මේ වනවිට පැවැත්වෙන Hiru Relay Championship 2026 තරගාවලියේ 18න් පහළ බාලිකා මෙඩලි සහය දිවීම ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට හිමිවුණා.
හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ මග පෙන්වීම යටතේ හිරු මාධ්‍ය ජාලයේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ.
ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් 4 වැනි වරටත් සංවිධානය කරන සහය දිවීමේ තරගාවලිය අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව සියලුම වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයිනේ පාසල් ළමුන් 4500කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මේ වනවිට පැවැත්වෙනවා.