Hiru Relay Championship 2026 14න් පහළ 100X4 කාන්තා ඉසව්වේ මූලික වටයේ ජය කොළඹ කාන්තා විද්‍යාලය හිමි කරගනියි.
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී ඊයේ දින (2) පැවති Hiru Relay Championship 2026 තරගාවලියේ 14න් පහළ 100X4 කාන්තා ඉසව්වේ මූලික වටයේ ජය කොළඹ කාන්තා විද්‍යාලයට හිමිවුණා.
මෙම ඉසව්වේ අවසන් තරගය අද (03) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මීට පෙර ඔවුන් 14න් පහළ 50X4 කාන්තා ඉසව්වේද ජය නව තරග වාර්තාවක් සමගින් හිමිකර ගත්තා.
එහිදී තත්පර 26.88ක නව තරග වාර්තාවක් පිහිටුවීමට ද ඔවුන් සමත් වුණා.
මෙසේ ඔවුන් බිඳ හෙළුවේ මීට පෙර මීගමුව ආවේ මරියා කන්‍යාරාමය විසින් 2024 වසරේ තබා තිබූ තත්පර 27.2ක වාර්තාවයි.
හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ මග පෙන්වීම යටතේ හිරු මාධ්‍ය ජාලයේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ.
ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් 4 වැනි වරටත් සංවිධානය කරන සහය දිවීමේ තරගාවලිය අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව සියලුම වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයිනේ පාසල් ළමුන් 4500කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මේ වනවිට පැවැත්වෙනවා.