ඩෙංගුවලට දිව්‍යම ඖෂධයක් වන පැපොල් පත්‍රවල ඔබ නොදත් රහස්
Friday, 21 April 2017 - 19:49 | Views - 17,230
පැපොල් කොල කියන්නේ බොහෝවටිනා ගුණයන්ගෙන් සමන්විත ආහාරයක්. පැපොල් කොල ඩෙංගු සඳහා ප්‍රතිකාරයක් වනවා මෙන්ම පිළිකා මැඩලීමටද උපකාරී වෙනවා. තවද විෂනාශකයක් මෙන්ම රුධිර සංසරණය වේගවත් වෙන්නද උදව් වේ.

පැපොල් කොලවල තියෙන ප්‍රධානම ගුණ තමයි රුධිර පට්ටිකා නිපදවීමට උපකාරී වීම, අක්මාවේ ඇතිවන පිළිකා තත්වයන් මැඩලීමට උපකාරී වීම, සිරෝසීස් හා සෙංගමාලය සුව කර ගැනීමට උපකාරී වන අතර පැපොල් කොලවලින් අපේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරන නිසා ඩෙංගු, මැලේරියා හා විවිධ වෛරස, බැක්ටීරියා රෝගවලට ඔරොත්තු දීමේ හැකියාවක් පවතිනවා.

මේ ආකාරයෙන් බොහෝ ගුණදායක ආහාරයක් වන පැපොල් පත්‍ර යුෂ මගින් රුධිරයේ ග්ලුකෝස් සාන්ද්‍රය අඩුකරන බැවින් දියවැඩියාවටත් හොඳ ප්‍රතිකාරයක් වෙනවා.

මේ දිනවල රටේ පැතිර යන ඩෙංගු වසංගතයටත් මේ පැපොල් පත්‍ර යුෂ බොහෝ ලෙසින් ගුණදායක වෙනවා.

පැපොල් පත්‍ර යුෂ සාදාගන්නා ආකාරය

පැපොල් කොළ බ්ලෙන්ඩරයකට දමා මිරිකා යුෂ ගන්න පුළුවන්. එම යුෂ කුඩා බෝතලයකට දමා හොඳින් මූඩිය වසා දින 4-5ක් ශීතකරණයේ තියාගෙන හෝ භාවිතා කරන්න පුළුවන්. මේ පැපොල් පත්‍ර යුෂ තේ හැන්දක් විතර වෙනත් බීම වර්ගයක් සමග පානය කරන්නත් පුළුවන්. බ්ලෙන්ඩරයට පැපොල් කොලයක් දාල, වතුර කෝප්පයක් ඒකටම දාල ජූස් හදාගන්නත් පුළුවන්.

ඩෙංගු රෝගයේදී සිදුවන රුධිර පට්ටිකා අඩුවීම මේ පැපොල් පත්‍ර යුෂ බීමෙන් සාමාන්‍ය තත්වයට ඉක්මණින් ගන්න පුළුවන්.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top