දියගම ධාවන පථය හොල්ලමින් 18න් පහළ 800X4 පිරිමි ඉසව්වේ රන් පදක්කම වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලය දිනාගනී..
Thursday, 02 July 2026 - 11:59 | Views - 138
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී මේ වනවිට පැවැත්වෙන Hiru Relay Championship 2026 තරගාවලියේ 18න් පහළ 800X4 පිරිමි ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට හිමිවුණා.
එහිදී මිනිත්තු 7 තත්පර 54ක නව තරග වාර්තාවක් පිහිටුවීමට ද ඔවුන් සමත් වුණා.
හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ මග පෙන්වීම යටතේ හිරු මාධ්‍ය ජාලයේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ.
ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් 4 වැනි වරටත් සංවිධානය කරන සහය දිවීමේ තරගාවලිය අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව සියලුම වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයිනේ පාසල් ළමුන් 4500කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මේ වනවිට පැවැත්වෙනවා
Share This Article