දියගම ධාවන පථය හොල්ලමින් 16න් පහළ 800X4 රන් පදක්කම වලල ඒ. රත්නායක විද්‍යාලය දිනාගනී..
Thursday, 02 July 2026 - 9:04 | Views - 134
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී මේ වනවිට පැවැත්වෙන Hiru Relay Championship 2026 තරගාවලියේ 16න් පහළ 800X4 පිරිමි ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට හිමිවුණා.
එහි දෙවැනි ස්ථානය වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයට හිමිවූ අතර, තෙවැනි ස්ථානය කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලය විසින් දිනාගත්තා.
හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ මග පෙන්වීම යටතේ හිරු මාධ්‍ය ජාලයේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ.
ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් 4 වැනි වරටත් සංවිධානය කරන සහය දිවීමේ තරගාවලිය අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව සියලුම වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයිනේ පාසල් ළමුන් 4500කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මේ වනවිට පැවැත්වෙනවා.
Share This Article