අද අලුයම කටුකුරුන්දෙන් ඇසුණු අවාසනාවන්ත පුවත.. බස් රථයක ත්රීවීල් රථයක් ගැටී දෙදෙනෙක් මරුට, තවත් දෙදෙනෙක් රෝහලේ..
ගාල්ල - කොළඹ ප්රධාන මාර්ගයේ කළුතර, කටුකුරුන්ද ප්රදේශයේදී අද (02) අලුයම සිදු වූ රථවාහන අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.
පොලිසිය සඳහන් කරන ආකාරයට අනතුර සිදු වී ඇත්තේ පයාගල සහ කටුකුරුන්ද අතර ප්රදේශයේදී ධාවනය වෙමින් තිබූ බස් රථයක් සහ ත්රීරෝද රථයක් මුහුණට මුහුණ එකිනෙක ගැටීමෙනුයි. අනතුරේ ස්වභාවය කෙතරම් දරුණුද කියනවා නම් ඒ වන විටත් ත්රීරෝද රථය තුළ ගමන් කරමින් සිටි සිව්දෙනාගෙන් දෙදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්රීරෝද රථයේ ගමන් කළ අනෙක් පුද්ගලයන් දෙදෙනා ප්රදේශවාසීන් සහ පොලිසියේ මැදිහත්වීමෙන් වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා. අද අලුයම සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් කටුකුරුන්ද සහ පයාගල ප්රදේශ භාර පොලිස් නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.