අද අලුයම කටුකුරුන්දෙන් ඇසුණු අවාසනාවන්ත පුවත.. බස් රථයක ත්‍රීවීල් රථයක් ගැටී දෙදෙනෙක් මරුට, තවත් දෙදෙනෙක් රෝහලේ..
Thursday, 02 July 2026 - 7:48 | Views - 127
ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේදී අද (02) අලුයම සිදු වූ රථවාහන අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

පොලිසිය සඳහන් කරන ආකාරයට අනතුර සිදු වී ඇත්තේ පයාගල සහ කටුකුරුන්ද අතර ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ එකිනෙක ගැටීමෙනුයි. අනතුරේ ස්වභාවය කෙතරම් දරුණුද කියනවා නම් ඒ වන විටත් ත්‍රීරෝද රථය තුළ ගමන් කරමින් සිටි සිව්දෙනාගෙන් දෙදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ ගමන් කළ අනෙක් පුද්ගලයන් දෙදෙනා ප්‍රදේශවාසීන් සහ පොලිසියේ මැදිහත්වීමෙන් වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා. අද අලුයම සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් කටුකුරුන්ද සහ පයාගල ප්‍රදේශ භාර පොලිස් නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top