යහළුවන් සමඟ මාඔයේ පිහිනන්න ගිය 27 හැවිරිදි තරුණයෙක් දියේ ගිලී අතුරුදන්! නාවික හමුදාවෙන් හදිසි සෝදිසි මෙහෙයුමක්..
Wednesday, 01 July 2026 - 20:55 | Views - 146
කොච්චිකඩේ පොලිස් වසමට අයත් මාඔයේ පිහිනීමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදන් වීමේ කණගාටුදායක පුවතක් ඊයේ (30) දින වාර්තා වනවා.
මාඔයේ පිහිනමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවට කොච්චිකඩේ පොලිස් ස්ථානය වෙත ලද හදිසි පැමිණිල්ලකට අනුවයි පොලිසිය මේ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන්නේ. මෙම තරුණයා තවත් මිතුරන් පිරිසක් සමඟ මාඔය වෙත පැමිණ පිහිනමින් සිටියදී මෙලෙස අනපේක්ෂිත ලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මෙසේ දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ යෝගියාන ප්රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි වියේ පසු වූ පසුවූ තරුණයෙක්.
අතුරුදන් වූ තරුණයා සොයා ගැනීම සඳහා කොච්චිකඩේ පොලිසිය විසින් ශ්රී ලංකා නාවික හමුදාවේ සහය ඉල්ලා ඇති අතර, මේ වන විට නාවික හමුදා කිමිදුම් නිලධාරීන් (Navy Divers) සහ පොලිස් නිලධාරීන් එක්ව මාඔය ආශ්රිතව විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
Share This Article