යහළුවන් සමඟ මාඔයේ පිහිනන්න ගිය 27 හැවිරිදි තරුණයෙක් දියේ ගිලී අතුරුදන්! නාවික හමුදාවෙන් හදිසි සෝදිසි මෙහෙයුමක්..
Wednesday, 01 July 2026 - 20:55 | Views - 147
කොච්චිකඩේ පොලිස් වසමට අයත් මාඔයේ පිහිනීමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදන් වීමේ කණගාටුදායක පුවතක් ඊයේ (30) දින වාර්තා වනවා.

මාඔයේ පිහිනමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවට කොච්චිකඩේ පොලිස් ස්ථානය වෙත ලද හදිසි පැමිණිල්ලකට අනුවයි පොලිසිය මේ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන්නේ. මෙම තරුණයා තවත් මිතුරන් පිරිසක් සමඟ මාඔය වෙත පැමිණ පිහිනමින් සිටියදී මෙලෙස අනපේක්ෂිත ලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෙසේ දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ යෝගියාන ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි වියේ පසු වූ පසුවූ තරුණයෙක්.

අතුරුදන් වූ තරුණයා සොයා ගැනීම සඳහා කොච්චිකඩේ පොලිසිය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය ඉල්ලා ඇති අතර, මේ වන විට නාවික හමුදා කිමිදුම් නිලධාරීන් (Navy Divers) සහ පොලිස් නිලධාරීන් එක්ව මාඔය ආශ්‍රිතව විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top