Asia Miracle Awards 2026 - සම්මාන උළෙලේදී හිරු සම්මාන රැසකින් පිදුම් ලබයි..
Wednesday, 01 July 2026 - 18:35 | Views - 184
වසරේ වඩාත් ආකර්ෂණීයම සම්මාන රාත්‍රියක් වන Asia Miracle Awards 2026 - සම්මාන රාත්‍රියේදී හිරු මාධ්‍ය ජාලය යළිත් සම්මාන රැසකට පාත්‍ර වීමට සමත් වුණා.

එහිදී, වසරේ වඩාත් ජනප්‍රියතම රූපවාහිනී නාලිකාවට හිමි සම්මානයෙන් HIRU TV පිදුම් ලැබුවා.

එමෙන්ම, වසරේ වඩාත් ජනප්‍රියතම ප්‍රවෘත්ති නාලිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට HIRU NEWS සමත් වුණා.

වසරේ වඩාත් ජනප්‍රියතම රියැලිටි වැඩසටහනට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට HIRU STAR වැඩසටහන සමත් වූ අතර, ඩිජිටල් අංශය වෙනුවෙන්, වසරේ වඩාත් ජනප්‍රියතම ටික්ටොක් ගිණුමට හිමි සම්මානය Hiru TV Tiktok හිමිකරගත්තා.

එමෙන්ම, වසරේ වඩාත් ජනප්‍රියතම ගුවන්විදුලි නාලිකාවට හිමි සම්මානය HIRU FM ගුවන්විදුලි නාලිකාවත්, වසරේ වඩාත් ජනප්‍රියතම තාරුණ්‍යයේ ගුවන්විදුලි නාලිකාවට හිමි සම්මානය SHAA FM නාලිකාවත් හිමිකරගත්තා.

වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යයට හිමි සම්මානය හිමිකරගත්තේ හිරු ටීවී විකාශය කරන 'පාට කුරුල්ලෝ' ටෙලි නාට්‍යයි.

මෙහිදී, වසරේ වඩාත් ජනප්‍රියතම සමාජ මාධ්‍ය ප්‍රවෘත්ති පිටුව ලෙස HIRU NEWS FACEBOOK පිටුව සම්මානයට පාත්‍ර වෙද්දී, වසරේ වඩාත් ජනප්‍රියතම ප්‍රවෘත්ති වෙබ් අඩවිය ලෙස www.hirunews.lk සම්මාන හිමිකරගත්තා.

වසරේ වඩාත් ජනප්‍රියතම රූපවාහිනී උදෑසන වැඩසටහන ලෙස HIRU TV - පත්තරේ විස්තරේ සම්මානිත වුණා.

එමෙන්ම, වසරේ වඩාත් ජනප්‍රියතම දමිළ ගුවන්විදුලි නාලිකාව ලෙස හිරු මාධ්‍ය ජාලයේ සහෝදර නාලිකාවක් වන SOORIYAN FM සම්මාන හිමිකරගනිද්දී, තවත් අපගේ සහෝදර නාලිකාවක් වන GOLD FM වසරේ වඩාත් ජනප්‍රියතම ඉංග්‍රීසි ගුවන්විදුලි නාලිකාව ලෙස සම්මානයට පාත්‍ර වුණා.

වසරේ වඩාත් ජනප්‍රියතම ගුවන්විදුලි වැඩසටහන ලෙස DJ ARA & PASBARA (HIRU FM) සම්මාන හිමිකර ගත්තා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top