සුනඛයින් ඇති කරන අයට අලුත් නීති මාලාවක්! සුනඛයින් ලියාපදිංචි කිරීම සහ එන්නත්කරණය ගැන කැබිනට් මණ්ඩලයෙන් දැඩි තීරණයක්.
Wednesday, 01 July 2026 - 18:02 | Views - 292
මෙරට සුනඛ ගහනය පාලනය කිරීම සහ ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම අරමුණු කරගනිමින් සකස් කරන ලද "ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයින් ලියාපදිංචි කිරීමේ" නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

දැනට පවතින (476 වන අධිකාරය වූ) ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත සහ (477 වන අධිකාරය වූ) සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත එකිනෙකට ඒකාබද්ධ කර වඩාත් ශක්තිමත් නීතිමය රාමුවක් සකස් කිරීම මෙහි ප්‍රධාන පියවරක්. මේ සඳහා මූලික අනුමැතිය 2025 සැප්තැම්බර් 22 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දී තිබූ අතර, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කළ නව කෙටුම්පතට නීතිපතිවරයාගේ ද අවසරය ලැබී තිබෙනවා.

මෙම නව ඒකාබද්ධ පනත මඟින් ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් නියාමනය කිරීමට බලාපොරොත්තු වනවා:

මෙරට සුනඛ ගහනය විද්‍යාත්මකව පාලනය කිරීම.

සුනඛයින් සඳහා ජලභීතිකා මර්දන එන්නත් ලබා දීම විධිමත් කිරීම සහ එය අනිවාර්ය කිරීම.

සුනඛයින් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය නීතිමය වශයෙන් තවදුරටත් ශක්තිමත් කිරීම.

අදාළ කාර්යයන් භාර වගකිව යුතු ආයතනවල බලතල සහ වගකීම් පැහැදිලිව නිර්වචනය කිරීම මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථාවර යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව, මෙම නව පනත් කෙටුම්පත ප්‍රථමයෙන් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට නියමිත අතර ඉන් අනතුරුව එය අවසාන අනුමැතිය සහ නීතියක් බවට පත් කිරීම සඳහා කඩිනමින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටද නියමිතව තිබෙනවා.

ලංකාදීප පුවත්පත ඇසුරෙන්..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top