ජූලි 06 ඉඳන් බස් එකේ යන්නත් සෑහෙන ගාණක් අතේ තියාගන්න වෙයි.. අවම බස් ගාස්තුව රුපියල් 34ක් දක්වා ඉහළ යයි.
Wednesday, 01 July 2026 - 16:43 | Views - 96
බඩු මිල අහස උසට නැගලා මිනිස්සු කොහොමහරි අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්න හැටි අපි කවුරුත් දන්නවනේ. ඔන්න ඒ අස්සේ සාමාන්‍ය ජනතාවට තවත් ආරංචියක් තමයි මේ කියන්න යන්නේ. ඒ තමයි ආයෙත් සැරයක් බස් ගාස්තු ඉහළ යන්නයි යන්නේ.

ලබන ජූලි 06 වැනිදා ඉඳන් ඔන්න අවම බස් ගාස්තුව රුපියල් 34ක් දක්වා ඉහළ නංවන්න ජාතික ගමනාගමන කොමිසම එක්ක එකඟතාවයකට ඇවිත් තියෙනවා. මේ ගැන මාධ්‍යයට කරුණු හෙළි කරලා තිබුණේ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නයි.

ඒ කියන්නේ ජූලි 6 ඉඳන් රුපියල් 30ක් දීලා ළඟම හෝල්ට් එකට බහින්න හිතාගෙන හිටපු කාලෙ නම් ඉවරයි.

අවම ගාස්තුව 34ක් වෙනවා වගේම ගම්බිම් බලා යන අයටත් මේකෙන් ලොකුම බලපෑමක් වෙනවා. ගැමුණු විජේරත්න මහතා කියන විදිහට, කිලෝමීටර් 100 දක්වා දුරකට 12% කින් බස් ගාස්තු වැඩිවෙනවා. ඒ විතරක් නෙවෙයි, කිලෝමීටර් 100ට වැඩි දුර ගමන් වාර සඳහා බස් ගාස්තුව 20% කින්, ඒ කියන්නේ සෑහෙන ලොකු ගාණකින් වැඩි කරන්නත් දැන් දෙපාර්ශ්වයම එකඟ වෙලාලු තියෙන්නේ.

ඉතින් ලබන 06 වැනිදා ඉඳන් නම් සාක්කුවේ තියෙන සල්ලි ටික පරිස්සම් කරගෙන, බස් එකේ යන්න කලින් ගාණ හරියටම අතේ තියාගන්න එක තමයි හැමෝටම කරන්න වෙන්නේ. සාමාන්‍ය මිනිස්සුන්ට නම් මේ යන විදිහට ඉස්සරහට පයින් තමයි යන්න වෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top