ඉගෙන ගන්න ගිය මල් කැකුළු 14ක් අකාලයේ මිලින වෙයි! අබලන් ටියුෂන් පන්තියක් කළ මහා අපරාධය..
Wednesday, 01 July 2026 - 15:40 | Views - 84
තමන්ගේ දරුවන්ට හොඳ අනාගතයක් හදලා දෙන්න හිතාගෙන අකුරු කරන්න පන්ති යවපු අම්මලා තාත්තලාට කවදාවත් හිතන්න නැතුව ඇති ඒ දරුවෝ ආයේ පණපිටින් ගෙදර එන එකක් නෑ කියලා.

මුළු ලෝකයක්ම කම්පනයට පත්කරපු හද කම්පා කරවන ඛේදවාචකයක් පාකිස්තානයේ ලාහෝර් නුවරින් වාර්තා වෙනවා. ඒ පෞද්ගලික උපකාරක පන්තියක අබලන් වහලක් කඩා වැටීමෙන්.

මේ අවාසනාවන්ත සිදුවීමෙන් අහිංසක දරුවන් 14 දෙනෙක්ට තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. වඩාත්ම කනගාටුදායක කාරණාව වෙන්නේ මේ පන්තියේ හිටපු සේරම දරුවන් අවුරුදු 7ත් 11ත් අතර වයසේ පසුවුණු කුඩා දරුවන් වීමයි.

කොහොම හරි සුන්බුන් අතර හිරවෙලා හිටපු දරුවන් 10 දෙනෙක්ව පණපිටින් බේරගන්න සහන සේවකයන්ට හැකිවෙලා තියෙනවා. හැබැයි ඒ අතරිනුත් 5 දෙනෙක්ගේ තත්ත්වය බරපතළ නිසා ඔවුන්ව වහාම රෝහල්ගත කරලා කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිද්ධිය ආරංචි වුණු ගමන්ම බියටත් කලබලයටත් පත්වුණු අම්මලා තාත්තලා ටියුෂන් පන්තිය ගාවට කෑගහගෙන දුවගෙන ඇවිත් තියෙනවා. සුන්බුන් අස්සේ තමන්ගේ දරුවා හිරවෙලාද කියලා දැනගන්න ඒ අහිංසක මිනිස්සු විඳපු වේදනාව වචනෙන් විස්තර කරන්න බැරි තරම්. දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ඉතාම කඩිනමින් ක්‍රියාත්මක කරලා තිබුණත් ඒ වෙද්දිත් සිදුවිය යුතු මහා විනාශය සිද්ධවෙලා ඉවරයි.

මේ සිද්ධියේ තියෙන කේන්ති යනම කතාව ඒක නෙවෙයි. වාර්තා වෙන විදිහට මේ ගොඩනැගිල්ලේ වහලය කලින් ඉඳන්ම තිබිලා තියෙන්නේ ඉතාමත් අබලන් තත්ත්වයක. ඒ මදිවට මේ වහලය කඩා වැටෙන මොහොතේත් එතන මොකක්දෝ නඩත්තු කිරීමක් සිද්ධවෙමින් තිබිලා තියෙනවා. කුඩා දරුවෝ පිරිසක් ඇතුළේ ඉද්දි මෙහෙම අනාරක්ෂිත විදිහට අබලන් වහලයක වැඩ කරපු එක ගැන දැන් දැඩි විවේචනයක් එල්ල වෙමින් තියෙනවා.

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම සහ මුදල් පස්සේ හඹායාම නිසා අහිංසක ජීවිත 14ක් අකාලයේ අහිමි වෙලා ගිය මේ සිදුවීම නම් ඇත්තටම දරාගන්න අමාරු ඛේදවාචකයක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top