විභාගත් කල්දායි.. හොස්ටලුත් වහයි! සෞන්දර්ය කැම්පස් ළමයින්ට හදිසියේම ගෙදර යන්න වුණු හේතුව මෙන්න...
Wednesday, 01 July 2026 - 15:22 | Views - 137
කැම්පස් යන ළමයින්ට හදිසියේම නිවාඩුවක් ලැබුණාම සතුටු වුණත්, මේ කියන්න යන නිවාඩුව නම් සතුටු වෙන්න පුළුවන් ජාතියේ එකක් නෙවෙයි.

මේ දවස්වල රට පුරාම පැතිරෙන ඩෙංගු වසංගතයයි, වෛරස් උණ රෝගයයි නිසා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ දරුවන්ට හදිසි තීරණයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා.

ලැබී ඇති අලුත්ම ආරංචිවලට අනුව ජුනි 30 වැනිදා ඉඳන් ජුලි 13 වැනිදා වෙනකම් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු (ලෙක්චර්ස්) සහ පරීක්ෂණ කටයුතු සම්පූර්ණයෙන්ම කල් දාන්න විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කරලා තියෙනවා.

ඒ වගේම මේ කාලය ඇතුළත කැම්පස් එකේ නේවාසිකාගාර (Hostels) සියල්ලමත් වසා තබන්නයි තීරණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හොස්ටල්වල ඉන්න දරුවන්ට මේ ටිකේ තමන්ගේ ගෙවල් වලට යන්න සිද්ධ වෙනවා.

මේ හදිසි තීරණයට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ විශ්ව විද්‍යාලය තුළ සහ ඒ අවට ඩෙංගු මෙන්ම වෛරස් උණ රෝග පැතිර යාමේ දැඩි අවදානමක් මතුවෙලා තියෙන නිසයි. දරුවන් එකට ගැවසෙන හොස්ටල් ඇතුළේ මේ වගේ රෝගයක් පැතිරුණොත් ඒක ලොකු ඛේදවාචකයක් වෙන්න පුළුවන් නිසා කලින්ම ප්‍රවේශම් වෙන්න තමයි බලධාරීන් මේ පියවර අරන් තියෙන්නේ.

මේ බව නිල වශයෙන් දැනුම් දීලා තියෙන්නේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ අධ්‍යයන හා ශිෂ්‍ය කටයුතු ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරීවරයා විසිනුයි.

ඉතින් විභාග කල් ගියා කියලා සතුටු වෙන්නේ නැතුව, මේ දවස් ටිකේ ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්න එක තමයි කැම්පස් ළමයින්ට කරන්න තියෙන හොඳම දේ. මොකද ඩෙංගු කියන්නේ ජීවිතය වුණත් උදුරාගන්න පුළුවන් දරුණු රෝගයක්..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top