අබිරහසක් ඉතුරු කරමින් "කේක්" ජීවිතයෙන් සමුගනී.. තායිලන්තයම කම්පාවට පත් කළ සිදුවීමක් ගැන ඇසෙන සංවේදී කතාවක් මෙන්න..
Tuesday, 30 June 2026 - 13:29 | Views - 133
ඔහු  උත්සාහ කළේ පළායන්නද..? ඒත් අවසානයේ නීතිය ඉදිරියේ සියල්ල පාපොච්චාරණය කරන්න අවසානයේ ඔහුට සිද්ධවෙලා.

මේ සෝචනීය කතාව ඇසෙන්නේ තායිලන්තය පැත්තෙන්. 
 
තායිලන්තයේදී තරුණියක් ඝාතනය කර සිරුර ගමන් මල්ලක දමා තිබියදී සොයාගෙන තිබෙනවා.

"කේක්" යන සුරතල් නාමයෙන් හැඳින්වූ තුන්චනොක් දොන්හොම්ලා නම් තරුණියක් 46 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික සයිමන් පීටර් කාමෙන් නමැත්තා විසින් සිය මහල් නිවාසය වෙත රැගෙන ගොස් ඇත්තේ, මුදල් මත ඇයගෙන් සේවාවන් ලබාගැනීමේ අරමුණ ඇතිවයි. ඔහු විසින් මේ තරුණියව රැගෙන යන ආකාරය එහි CCTV දර්ශනවල පටිගතව තිබෙනවා.

එහෙත් ටික වේලාවක් යන තුරු ඇය ඉන් පිටතට පැමිණ තිබුණේ නැහැ. කෙසේ වෙතත්, එදිනම රාත්‍රියේ ඔහු "විශාල ගමන් මල්ලක් රැගෙන" තනිවම පිටතට පැමිණෙන ආකාරය ද CCTV දර්ශනවල සටහන්ව තිබෙනවා.

එසේම, මේ තරුණිය පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා නොවීමත් සමඟ ඇයගේ නිවැසියන් මේ ගැන පොලිසියට පැමිණිලි කර තිබුණා. ඒ පතායා පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලක් මතයි.

ඒ අනුව බැංකොක් හි ස්වර්ණභූමි ගුවන් තොටුපළ හරහා රටින් පලා යාමට උත්සාහ කළ ඔස්ට්‍රේලියානු ජාතිකයා ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ මෙම පර්‍යේෂණ ඇරඹීමත් සමගයි.

සැකකරු අත්අඩංගුවට ගෙන විනාඩි 15කට පසු ඔහු තාවකාලිකව නවාතැන්ගෙන සිටි මහල් නිවාස සංකීර්ණය අසළ දුම්රිය මාර්ගය අසල තිබූ ගමන් මල්ලක් තුළ ඇයගේ සිරුර තිබී සොයා ගැනීමට හැකිව ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුව සිද්ධිය සම්බන්ධ‍යෙන් සැකපිට අත්අඩංගුවට පත්වූ කාමෙන් පොලිසිය වෙත රැගෙන එනු ලැබුවා.

එහිදි අනාවරණය වූයේ කාමෙන් විසින් ඇයට බාත් 1000ක මුදලක් ලබාදීමට පොරොන්දුවී ඇති නමුත් ඔවුන් ඔහුගේ මහල් නිවාසයට පැමිණි පසු ඔහු බාත් 500 ක් පමණක් දීම හේතුවෙන් දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුගේ සිරුර පුරා පොරබැදීමකදී සිදුවිය හැකි නියපොතු සීරීම් සලකුණු පවතින නමුත් ඔහු දැරිය ඝාතනය කළ බවට එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කළා.

එමෙන්ම කාමෙන් ඇයගේ පවුලේ අයට පණිවිඩයක් දෙමින් පවසා ඇත්තේ දියණියට සිදු වූ දේ පිළිබඳව තමන් කනගාටු වන බවයි.

"ඔබේ දියණියට සිදු වූ දේ ගැන මට කනගාටුයි. එය මගේ පාලනයෙන් බැහැරව සිදුවූවක්. ඔබ ගොඩක් දුක් වෙනවා, කලබල වෙනවා ඇති කියලා මම දන්නවා... මමත් එහෙමයි."

ඝාතනයට ලක්වූ දැරිවියගේ භාරකරුවන් පවසන්නේ ඝාතකයාට මරණ දඬුවම ලබාදිය යුතු බවයි.
"මම දැඩි ලෙස කම්පනයට පත් වෙලා ඉන්නේ. මගේ දුවට අම්මෙක් හිටියේ නැහැ. ඉතින් එයාට මොනවා හරි දෙයක් ඕන වුණාම, එයාම ඒක හොයාගන්න ක්‍රමයක් හදාගන්නවා. ඒ වගේම එයා හැමතිස්සෙම මටත් උදව් කළා."

දැරියගේ සුළු මව මේ සිද්ධිය ගැන පවසා තිබුණේ මෙවැන්නක්..

"මම පොලිසියට කිව්වා මට ඕන එයාට මරණ දඬුවම දෙනවා කියලා. කුඩම්මා කෙනෙක් විදිහට මට මීට වඩා කියන්න දෙයක් නැහැ. මට ඕන ඔහු විනාශ වෙනවා දකින්න විතරයි. මම අද උදේත් ඒක කිව්වා. මම පොලිසියෙන් පවා ඇහුවා මට එයාට ගහන්න පුලුවන්ද කියලා. 'අනේ, කරුණාකරලා මට ඒක කරන්න දෙන්න' කියලා මම ඉල්ලුවා. නමුත් පොලිසිය මට කිව්වා එහෙම කරන්න එපා කියලා, මොනවා වුණත් එයාට නීතිය ඉදිරියේ උපරිම විපාක විඳින්න සිදුවෙනවා කිව්වා."

තායිලන්ත පොලිසිය විසින් සයිමන් පීටර් කාමන්ට එරෙහිව මිනීමැරීම, මළසිරුරක් එහා මෙහා කිරීම සහ සැඟවීම
සහ ලිංගික අරමුණු සඳහා බාලවයස්කාරියක රැගෙන යාම යන චෝදනා ගොනුකර තිබෙනවා.

තායිලන්ත නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු අයෙකු ලිංගික කටයුතු සඳහා යොදා ගැනීම බරපතළ වරදක් වනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top