අපේක්ෂිත බස් ගාස්තු සංශෝධනය සිදු නොවුණහොත්..? බස් සංගම්වල විශේෂ තීරණයක් ගැන ඇසෙන කතාව මෙන්න..
බස් ගාස්තු සංශෝධනය සිදුවන ආකාරය පිළිබඳව මේ වෙනකොට සියලුම දෙනා සිටින්නේ දැඩි අවදානයකින්.
අදාළ අංශ පවසන පරිදි බස්ගාස්තු සංශෝධය වුවහොත් එය මහජනතාවට මොන තරම් බලපෑමක් එල්ල කරාවිද..?
හෙට සිදුකිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේ දී අපේක්ෂිත වැඩිවීමක් සිදු නොවුණහොත් අධිකරණ ක්රියාමාර්ගවලට අවතීර්ණ වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
බස් ගාස්තු ඉහළ දමනවා වෙනුවට ආණ්ඩුව ඉන්ධන මිල අඩුකිරීමට පියවර ගෙන ඇති බව එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියා.
කෙසේ වෙතත්, වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වූ යෝජනාව ප්රවාහන අමාත්යංශය හමුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළා.