බත් දන්සැල් මැද බදුල්ලෙන් මතුවූ 'ග්රීස් දන්සල'.. ත්රීවීල් රථ පෝලිම් ගැසෙද්දී 'රෝද තුනට සතුට' දුන් අපූරු පින්කම.
මෙරට බෞද්ධ ජනතාව පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් බත්, බීම, අයිස්ක්රීම් වැනි විවිධ ආහාරපානවලින් දන්සැල් පවත්වද්දී, බදුල්ල ප්රදේශයෙන් අතිශය වෙනස්ම ආකාරයක දන්සැලක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා.
බදුල්ල ප්රදේශයේ මෝටර් රථ ඉංජිනේරු (Auto Engineering) ආයතනයක් විසින් සංවිධානය කරන ලද මෙම අපූරු පින්කම "රෝද තුනට සතුට ගෙනෙන ග්රීස් දන්සැල" යනුවෙන් නම් කර තිබුණා. මෙහිදී දන්සැල වෙත පැමිණි ත්රිරෝද රථ සඳහා නොමිලේ ග්රීස් යොදා (Greasing) නඩත්තු කර දීමට එම ආයතනයේ කාර්මික ශිල්පීන් කටයුතු කර තිබෙනවා.
වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ වාහන නඩත්තු වියදම් ඉහළ ගොස් ඇති පසුබිමක, මෙම දන්සැල ත්රීරෝද රථ රියදුරන්ට විශාල සහනයක් වූ බව වාර්තා වුණා. මේ හේතුවෙන්ම දන්සැල පැවැති ස්ථානයේ ත්රිරෝද රථ දිගු පෝලිම් ගැසී රැඳී සිටින අයුරු ද දැකගත හැකි වුණා.
සාම්ප්රදායික රටාවෙන් බැහැරව, කාලීන අවශ්යතාවයකට ගැළපෙන පරිදි සංවිධානය කර තිබූ මෙම සුවිශේෂී දන්සැල පිළිබඳව බොහෝ දෙනාගේ පැසසුම් හිමිව තිබෙනවා.