පොසොන් පෝදා සිට දින හතරක් පුරා පැවැත්වෙන අපූරු ප්‍රදර්ශනය! සිරිපා වඳින්නයි, රාජා බලන්නයි එකම තැනකින් ලැබුණු අවස්ථාව.
Monday, 29 June 2026 - 15:18 | Views - 166
මෙරට බෞද්ධ ජනතාවගේ සදාදරණීය මතකයන් අතර රැඳී සිටි නැදුන්ගමුවේ රාජා හස්තිරාජයාගේ සජීවී ආකෘතියේ අනුරුවක් සහ ශ්‍රී පාද පත්මයේ අනුරුවක් ප්‍රදර්ශනය කිරීමේ විශේෂ පින්කමක් බණ්ඩාරගම ප්‍රදේශයේදී මේ වන විට ආරම්භ කර තිබෙනවා.

බණ්ඩාරගම - කළුතර මාර්ගයේ පිහිටි ශ්‍රී පුණ්‍ය වර්ධනාරාම විහාරස්ථානයේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනවා. විහාරස්ථානය වෙත පැමිණෙන සැදැහැවතුන් ඇතුළු ඕනෑම අයෙකුට නැදුන්ගමුවේ හස්තිරාජයාගේ අනුරුව ඉතාමත් සජීවී ආකාරයෙන් දැක බලා ගැනීමට මෙහිදී අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයක්.

හස්තිරාජයාගේ අනුරුවට සමගාමීව සැදැහැවතුන්ගේ වන්දනාමානය සඳහා ශ්‍රී පාද අනුරුවක් ද මෙහිදී ප්‍රදර්ශනය කෙරෙන බවයි ශ්‍රී පුණ්‍ය වර්ධනාරාම විහාරාධිකාරි, රාජකීය පණ්ඩිත, පූජ්‍ය පන්නිල තිලක හිමියන් ප්‍රකාශ කර සිටියා.

පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය යෙදෙන අද (29) දින සිට ලබන (02) වැනිදා දක්වා දින 4ක් පුරා මෙම සුවිශේෂී ප්‍රදර්ශනය මහජනතාව වෙනුවෙන් විවෘතව පවතිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top