"නව බලාපොරොත්තු පෙරදැරි ගමන සාර්ථක කර ගැනීමට නම් සාරධර්මවලින් පිරිපුන් සමාජයක් අවශ්‍යයි.." අගමැතිනියගේ පොසොන් දින පණිවිඩය..
Monday, 29 June 2026 - 10:08 | Views - 96
වර්තමානය වන විට ශ්‍රී නව බලාපොරොත්තුවක් පෙරදැරිව ගමනක් ආරම්භ කර තිබෙන බවත් මෙම ගමන සාර්ථක කර ගැනීම සඳහා ආර්ථික ප්‍රගතිය පමණක් ප්‍රමාණවත් නොවේ.
සදාචාරාත්මක වටිනාකම්වලින් පිරිපුන් සමාජයක් අවශ්‍ය බවත් අගමැතිනි ආචාර්‍ය හරිනි අමරසූරිය පවසනවා.

අගමැතිනිය මේ පිළිබඳව සඳහන්කර සිටියේ පොසොන් පොහෝ දින පණිවිඩයක් නිකුත් කරමින්.

අගමැතිනිය නිකුත් කළ පණිවිඩය පහතින්.

''මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයෙන් ශ්‍රී ලංකාව තුළ බුද්ධ ශාසනය පිහිටුවීම සිහිපත් කෙරෙන උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය, ආධ්‍යාත්මික පිබිදීම, ප්‍රඥාව සහ සමාජයීය සමගිය අපට සිහිපත් කර දෙන උදාර පුණ්‍ය දිනයකි.පොසොන් පොහොය දිනය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ආගමික වතාවත්වලට පමණක් සීමා වූවක් නොවන අතර, එය සමස්ත ජාතියකගේම සංස්කෘතිය, සදාචාරාත්මක ජීවන රටාව සහ චින්තනය පරිවර්තනය කළ සංකේතයක් ද වෙයි. මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයත් සමඟ මෙරටට දායාද වූ බෞද්ධ දර්ශනය, සියවස් ගණනාවක් පුරා අපගේ ජාතික අනන්‍යතාව හැඩගැස්වීමට සමත් විය.

සැබෑ සංවර්ධනය ආරම්භ වන්නේ මිනිස් සිතින් බව පොසොන් පොහොය දිනය අපට මතක් කර දෙයි. කරුණාව, දයාව, සමානාත්මතාවය, විනය සහ වගකීම වැනි උතුම් මානව සාරධර්ම මත පදනම් වූ සමාජයක් ගොඩනැඟීම තුළින්, සාමකාමී, සාධාරණ සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ පොදු අරමුණ සාක්ෂාත් කර ගැනීමට අපට හැකියාව ලැබෙනු ඇත. අද වන විට අපේ රට නව බලාපොරොත්තුවක් පෙරදැරිව ගමනක් ආරම්භ කර තිබේ. මෙම ගමන සාර්ථක කර ගැනීම සඳහා ආර්ථික ප්‍රගතිය පමණක් ප්‍රමාණවත් නොවේ. සදාචාරාත්මක වටිනාකම්වලින් පිරිපුන් සමාජයක් ද අපට අවශ්‍ය වේ. සදාචාරය, අවිහිංසාව සහ කරුණාව අගය කරන පොසොන් පොහොය දිනයේ සැබෑ හරය, විනයගරුක සහ සමෘද්ධිමත් සමාජයක් ගොඩනැඟීම උදෙසා රජය සතු දැක්මට මඟපෙන්වන ආලෝකයක් වනු නොඅනුමානය.මෙම උතුම් වූ පොසොන් පුර පසළොස්වක පොහොය දිනයේදී, සමස්ත බෞද්ධ ජනතාවට සාමය, ප්‍රඥාව සහ සමෘද්ධිය ප්‍රාර්ථනා කරමි.''
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top