"තාම සේල් එක 70000යි...." සේල්ස් මදි කියලා ලංකාවේ සුප්‍රසිද්ධ කොත්තු ජාලයක හිමිකරුවෙකු සේවකයින්ට පහර දෙයි...
Sunday, 28 June 2026 - 22:12 | Views - 195
ලංකාවේ කොත්තු ලෝලීන් අතර ඉතාමත් ජනප්‍රිය, නම ගිය ප්‍රසිද්ධ කොත්තු අවන්හල් ජාලයක හිමිකරුවෙකු විසින් තම ආයතනයේ සේවය කරන තරුණ සේවකයින් පිරිසකට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා ලැව්ගින්නක් සේ සංසරණය වෙමින් පවතිනවා.
අදාළ අවන්හලේ එදිනෙදා විකුණුම් ප්‍රමාණය අඩු වී ඇති බව පවසමින් කෝපයෙන් මෙම ව්‍යාපාරිකයා, එහි සිටින බියෙන් ගැහෙමින් සිටින තරුණ සේවකයින් කිහිපදෙනෙකුට අසභ්‍ය වචනයෙන් බණිමින්, කන හරහා දරුණු පාරවල් දෙමින් තිරිසනෙකු මෙන් පහර දෙන අයුරු එහි ඇති CCTV කැමරාවල ඉතා පැහැදිලිව සටහන්ව තිබෙනවා.
තමන්ගේ මහන්සියෙන්, රෑ දවල් නොබලා කඩේ ගොඩනැගීමට උදවු කරන සේවකයින්ට, වහලුන්ට මෙන් සලකන මෙම මුදලාලිගේ හැසිරීම ගැන සමාජ මාධ්‍ය පරිශීලකයින් මේ වන විට දැඩි පිළිකුලක් සහ කෝපයක් පළ කරමින් සිටිනවා.
Share This Article