"තාම සේල් එක 70000යි...." සේල්ස් මදි කියලා ලංකාවේ සුප්‍රසිද්ධ කොත්තු ජාලයක හිමිකරුවෙකු සේවකයින්ට පහර දෙයි...
Sunday, 28 June 2026 - 22:12 | Views - 196
ලංකාවේ කොත්තු ලෝලීන් අතර ඉතාමත් ජනප්‍රිය, නම ගිය ප්‍රසිද්ධ කොත්තු අවන්හල් ජාලයක හිමිකරුවෙකු විසින් තම ආයතනයේ සේවය කරන තරුණ සේවකයින් පිරිසකට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා ලැව්ගින්නක් සේ සංසරණය වෙමින් පවතිනවා.

අදාළ අවන්හලේ එදිනෙදා විකුණුම් ප්‍රමාණය අඩු වී ඇති බව පවසමින් කෝපයෙන් මෙම ව්‍යාපාරිකයා, එහි සිටින බියෙන් ගැහෙමින් සිටින තරුණ සේවකයින් කිහිපදෙනෙකුට අසභ්‍ය වචනයෙන් බණිමින්, කන හරහා දරුණු පාරවල් දෙමින් තිරිසනෙකු මෙන් පහර දෙන අයුරු එහි ඇති CCTV කැමරාවල ඉතා පැහැදිලිව සටහන්ව තිබෙනවා.

තමන්ගේ මහන්සියෙන්, රෑ දවල් නොබලා කඩේ ගොඩනැගීමට උදවු කරන සේවකයින්ට, වහලුන්ට මෙන් සලකන මෙම මුදලාලිගේ හැසිරීම ගැන සමාජ මාධ්‍ය පරිශීලකයින් මේ වන විට දැඩි පිළිකුලක් සහ කෝපයක් පළ කරමින් සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top