එකලස් කළ ‘යකඩ හීනය’ දුරකතන කණුවක ගැටෙයි.. 16 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතයෙන් වන්දි ගෙවද්දී, තවත් අයෙකුට බරපතළයි..
Saturday, 27 June 2026 - 17:01 | Views - 68
16 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකු යතුරුපැදියකින් යමින් සිටියදී මකුළුදූව ප්‍රදේශයේදී අද (27) පෙරවරුවේදී දුරකතන කණුවක ගැටී තිබෙනවා.

එම අනතුරින් එක් සිසුවෙකු මිය ගොස් අනෙක් සිසුවා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පිළියන්දල පොලිසිය සඳහන් කරනවා.

අනතුරින් මියගොස් ඇත්තේ 11 වන ශ්‍රේණියේ ඉගනුම ලබන පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙක්.

සිදු වූ අනතුරින් යතුරුපැදියේ ඉදිරිපස රෝදය සහ යතුරුපැදියේ තවත් කොටස් කිහිපයක් කැඩි වෙන් වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මියගිය සිසුවා පැදවූ යතුරුපැදිය කොටස් එකලස් කරන ලද එකක් බවත්, එහි වේගය වැඩි කිරීම සඳහා වෙනත් යතුරුපැදියක එයාර් පිල්ටරයක් සවි කර තිබූ බවත්, පොලිසිය පවසනවා.

මියගිය සිසුවාට රියදුරු බලපත්‍රයක් නොමැති බවත්, බරපතල තුවාල ලද පසුපැදිකරු ආරක්ෂක හිස් වැසුම් පැළඳ නොසිටි බවත්, විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

යතුරුපැදිය ත්‍රීරෝද රථයකට ඉස්සර කිරීමට යාමේදී වේගය පාලනය කර ගත නොහැකිව දුරකථන කණුවේ ගැටී මෙම අනතුර වී සිදු වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලබා සිටි පසුපැදිකරු කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, පැදිකරු පිළියන්දල දිසාරෝහල වෙත ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
Share This Article
Hiru Tv Blog
ඇය නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.ඒ විතරක් නෙවෙයි නර්ථනයටත් ඇය උපන් හපන්කම්...
Hiru Tv Blog
රොන් සොයා ටෙලිනාට්‍යයයෙන් මේ දිනවල ප්‍රේක්ෂකයො අතරට එන නවක නිළියක් විදිහට...
Hiru Tv Blog
ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාව, නැත්නම් සංගීත සංදර්ශන ගැන කතා කරද්දී අපිට කොහොත්ම...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top