සමාජ මාධ්‍ය කලඹන කතාවල ඇත්ත නැත්ත මෙන්න! ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් ගැන පැතිර යන කටකතා අසත්‍යයි.
Saturday, 27 June 2026 - 16:31 | Views - 139
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සලකුණක් මෙන්ම කාගේත් ගරු බුහුමනට සහ ආදරයට පාත්‍ර වූ ජ්‍යෙෂ්ඨ රංගවේදිනී, පරිසරවේදිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කටකතා සහ පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව තහවුරු වී තිබෙනවා.

අයිරාංගනී සේරසිංහයන්ගේ අභාවය සම්බන්ධයෙන් සංසරණය වන මෙම ප්‍රචාරයන් පිළිබඳව අප කළ සෘජු විමසීමකදී, එම කටකතා සියල්ල පදනම් විරහිත සහ අසත්‍ය ප්‍රකාශ වන බව ප්‍රවීණ රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම අවධාරණය කළා.

සමාජ මාධ්‍ය පරිශීලනය කිරීමේදී මෙවැනි සංවේදී සහ අසත්‍ය තොරතුරු හුවමාරු කරගැනීමෙන් වළකින ලෙසත්, නිල සහ විශ්වාසනීය මාධ්‍ය වාර්තා කෙරෙහි පමණක් අවධානය යොමු කරන ලෙසත් මාධ්‍ය ක්ෂේත්‍රය සහ කලා ක්ෂේත්‍රය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top