සමාජ මාධ්‍ය කලඹන කතාවල ඇත්ත නැත්ත මෙන්න! ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් ගැන පැතිර යන කටකතා අසත්‍යයි.
Saturday, 27 June 2026 - 16:31 | Views - 140
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්රයේ ප්‍රමුඛතම සලකුණක් මෙන්ම කාගේත් ගරු බුහුමනට සහ ආදරයට පාත්‍ර වූ ජ්‍යෙෂ්ඨ රංගවේදිනී, පරිසරවේදිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කටකතා සහ පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව තහවුරු වී තිබෙනවා.
අයිරාංගනී සේරසිංහයන්ගේ අභාවය සම්බන්ධයෙන් සංසරණය වන මෙම ප්‍රචාරයන් පිළිබඳව අප කළ සෘජු විමසීමකදී, එම කටකතා සියල්ල පදනම් විරහිත සහ අසත්‍ය ප්‍රකාශ වන බව ප්‍රවීණ රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම අවධාරණය කළා.
සමාජ මාධ්‍ය පරිශීලනය කිරීමේදී මෙවැනි සංවේදී සහ අසත්‍ය තොරතුරු හුවමාරු කරගැනීමෙන් වළකින ලෙසත්, නිල සහ විශ්වාසනීය මාධ්‍ය වාර්තා කෙරෙහි පමණක් අවධානය යොමු කරන ලෙසත් මාධ්‍ය ක්ෂේත්රය සහ කලා ක්ෂේත්රය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
Share This Article