රට යවන බව පවසා පානදුරේ කතක් කළ මහා පරිමාණ මුදල් වංචාව! හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශයෙන් ඇයව කොටු කරගත් හැටි මෙන්න.
විදෙස් රටවල රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 20ක මුදලක් වංචා කළ කාන්තාවක හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය විසින් විදෙස් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබුණා.
ඒ අනුව ක්රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (26) උදෑසන කාලයේදී අළුබෝමුල්ල පොලිස් වසමේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකාරියව අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කරන අන්දමට මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 41ක් වූ, පානදුර ප්රදේශයේ පදිංචි කාන්තාවක්.
සිද්ධිය සම්බන්ධයෙන් හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු දීර්ඝ ලෙස ක්රියාත්මක කරනු ලබනවා.