දකුණු ඉන්දීය සිනමාවේ දැවැන්ත සලකුණක් මැකී යයි.. ප්‍රවීණ රංගන ශිල්පී සහ අධ්‍යක්ෂ කේ. භාග්‍යරාජ් අභාවප්‍රාප්ත වෙයි!
Saturday, 27 June 2026 - 15:16 | Views - 67
දෙමළ සිනමාවේ ප්රවීණ රංගන ශිල්පියෙකු, අධ්යක්ෂවරයෙකු මෙන්ම දක්ෂ තිරපිටපත් රචකයෙකු වූ කේ. භාග්යරාජ් (K. Bhagyaraj) අභාවප්රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 73 වැනි වියේ පසු වුණා.
 
හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් අසාධ්ය තත්ත්වයට පත් වූ භාග්යරාජ් මහතාව චෙන්නායිහි පිහිටි ඇපලෝ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ප්රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

1977 වසරේදී ප්රවීණ අධ්යක්ෂ භාරතිරාජාගේ '16 වයතිනිලේ' චිත්රපටයේ සහායකයෙකු සහ සුළු චරිතයකට පණ පොවමින් ඔහු සිය සිනමා දිවිය ආරම්භ කළා. පසුව ඔහු සිනමා අධ්යක්ෂණයට සහ තිරපිටපත් රචනයට පිවිසි අතර, Mundhanai Mudichu, Andha 7 Naatkal සහ Mouna Geethangal වැනි දමිළ සිනමාවේ අතිශය ජනප්රිය වූ චිත්රපට රැසක් නිර්මාණය කිරීමට දායක වුණා.

තමන්ටම ආවේණික වූ සුවිශේෂී තිරපිටපත් ශෛලියක් ගොඩනඟා ගත් ඔහු, දශක පහකට ආසන්න කාලයක් පුරා විහිදුණු සිය කලා ජීවිතය තුළ චිත්රපට 25කට අධික සංඛ්යාවක් අධ්යක්ෂණය කර ඇති අතර චිත්රපට 75කට අධික සංඛ්යාවකට රංගනයෙන් දායක වී තිබෙනවා.

දෙමළ සිනමාවේ ස්වර්ණමය යුගයක් වර්ණවත් කළ මේ ප්රවීණ කලාකරුවාණන්ගේ අභාවය වෙනුවෙන් සමස්ත ඉන්දීය කලා ක්ෂේත්රයම මේ වන විට ශෝකය පළ කර සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ඇය නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.ඒ විතරක් නෙවෙයි නර්ථනයටත් ඇය උපන් හපන්කම්...
Hiru Tv Blog
රොන් සොයා ටෙලිනාට්‍යයයෙන් මේ දිනවල ප්‍රේක්ෂකයො අතරට එන නවක නිළියක් විදිහට...
Hiru Tv Blog
ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාව, නැත්නම් සංගීත සංදර්ශන ගැන කතා කරද්දී අපිට කොහොත්ම...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top