දිවයින පුරා දන්සල් ලියාපදිංචියේ ලොකු වෙනසක්.. පවතින වසංගත තත්ත්වය හමුවේ PHI සංගමය කළ දැඩි අනතුරු ඇඟවීම.
Saturday, 27 June 2026 - 14:35 | Views - 204
පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් විශාල ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ පවසනවා.
 
වෙසක් පොහොයට සාපේක්ෂව මෙවර දන්සල් විශාල ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බවත් ඉන් වැඩිම දන්සල් ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇත්තේ උතුරු මැද පළාතෙන් බව‍ ඔහු සඳහන් කළා.

දන්සල් ලබා දීමේදී ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතයෙන් වැළකී සිටීම වැදගත් බවද ඔහු අවධාරණය කළා.ප්ලාස්ටික් භාජනවල උණුසුම් පානයන් සහ ආහාර ලබා දීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂා කිරීම් සිදුකරන බවයි ඔහු පැවසුවා.

උණුසුම් සහ සිසිල් ආහාර පොලිතින් තුළ ගබඩා කිරීම සෞඛ්‍යමය වශයෙන් ඉතා අවදානම් සහගත බවද ඔහු පෙන්වා දුන්නා.

මේ අතර පවතින ඩෙංගු අධි වසංගත තත්ත්වය හමුවේ දන්සල් සඳහා පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය ඍජු බලපෑමක් එල්ල කළ හැකි බවටද ඔහු අනතුරු අඟවනවා.
මේ පිළිබඳව අදහස් දක්වන උපුල් රෝහණ,

"අපි කලින් අවස්ථාවලදි දැකලා තියෙනවා විශේෂයෙන් කෝපි දන්සල් සහ බීම දන්සල් වැනි පාන වර්ග ලබා දීමේදී භාවිතා කරන කප් හැමතැනම විසිරෙන ආකාරයට බැහැර කරනවා. ඒ නිසා අපි ඒ ගැන විශේෂ අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා. මොකද මේ විසිරෙන භාජනවලින් ඩෙංගු මදුරුවන් ඇතිවීමේ අවධානමක් තියෙනවා".
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top