මගීන් රැගත් ලංගම බස් රථයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි.. 42කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහලට..
Saturday, 27 June 2026 - 9:04 | Views - 79
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගම) අයත් බස් රථයක් අද (27) අලුයම දියතලාව ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා.
බස් රථය අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 42 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වුණා.
දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය අසලදී මෙම බස් රථය අනතුරට මුහුණ දී තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ සමස්ත පිරිස අතර පිරිමි පුද්ගලයන් 36 දෙනෙකු සහ කාන්තාවන් 6 දෙනෙකු සිටින බව පොලිසිය සඳහන් කළා.
අනතුර සිදු වූ වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ එක්ව තුවාල ලැබූවන් කඩිනමින් දියතලාව මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ප්‍රතිකාර ලබන පිරිස අතරින් බරපතළ තත්ත්වයේ පසුවූ එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු කළ බව දියතලාව රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ පොලිස් ස්ථානය මඟින් වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විට ක්‍රියාත්මක කරනු ලබනවා.
Share This Article