කුඩයක් අරන්ම එළියට යන්න! දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි..
Saturday, 27 June 2026 - 9:03 | Views - 62
දිවයිනේ පළාත් සහ දිස්ත්රික්ක කිහිපයකට අද (2026 ජූනි 27) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණ වාර්තාවලට අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්රික්කවලටත් අද දිනයේදී විටින් විට වැසි ඇති විය හැකියි.

මීට අමතරව, ඌව පළාතේ මෙන්ම අම්පාර, මඩකළපුව සහ මුලතිව් යන දිස්ත්රික්කවල ස්ථාන ස්වල්පයකට පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතින බව ද දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත්, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්රිකුණාමලය දිස්ත්රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර පමණ තරමක තද සුළං ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව ඇති විය හැකි තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ඇය නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.ඒ විතරක් නෙවෙයි නර්ථනයටත් ඇය උපන් හපන්කම්...
Hiru Tv Blog
රොන් සොයා ටෙලිනාට්‍යයයෙන් මේ දිනවල ප්‍රේක්ෂකයො අතරට එන නවක නිළියක් විදිහට...
Hiru Tv Blog
ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාව, නැත්නම් සංගීත සංදර්ශන ගැන කතා කරද්දී අපිට කොහොත්ම...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top