රටක් සිනහා සයුරේ ගිල්වූ ජනප්‍රිය රංගන ශිල්පී සමන් අල්මේදා ජීවන ගමනට සමුදෙයි..
Friday, 26 June 2026 - 17:17 | Views - 242
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ සමන් අල්මේදා අද (2026 ජූනි 26) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් තිස්සේ දැඩි රෝගී තත්ත්වයකින් පසු වූ ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෙරට සිනමාව, පුංචි තිරය මෙන්ම වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය ද එකලෙස වර්ණවත් කළ සමන් අල්මේදා තමන්ටම ආවේණික වූ රංගන විලාසයකින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ රංගධරයෙක්.

ඔහුගේ සුවිශේෂී රංගන දායකත්වය මෙරට රසිකයන්ගේ හදවත් තුළ සදාතනික මතකයක් ලෙස රැඳෙනු නොඅනුමානය.

සිනමාව සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකළ මේ ප්‍රවීණ කලාකරුවාණන්ට අපි ද නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද සවස 6.00න් පසු මහරගම පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කරන බව පවුලේ ඥාතීන් සඳහන් කළා.

දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා සවස 6.00ට ගොඩිගමුව ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top