රටක් සිනහා සයුරේ ගිල්වූ ජනප්‍රිය රංගන ශිල්පී සමන් අල්මේදා ජීවන ගමනට සමුදෙයි..
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්රයේ ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ සමන් අල්මේදා අද (2026 ජූනි 26) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලක් තිස්සේ දැඩි රෝගී තත්ත්වයකින් පසු වූ ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මෙරට සිනමාව, පුංචි තිරය මෙන්ම වේදිකා නාට්‍ය ක්ෂේත්රය ද එකලෙස වර්ණවත් කළ සමන් අල්මේදා තමන්ටම ආවේණික වූ රංගන විලාසයකින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ රංගධරයෙක්.
ඔහුගේ සුවිශේෂී රංගන දායකත්වය මෙරට රසිකයන්ගේ හදවත් තුළ සදාතනික මතකයක් ලෙස රැඳෙනු නොඅනුමානය.
සිනමාව සහ ටෙලි නාට්‍ය ක්ෂේත්රය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකළ මේ ප්‍රවීණ කලාකරුවාණන්ට අපි ද නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද සවස 6.00න් පසු මහරගම පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කරන බව පවුලේ ඥාතීන් සඳහන් කළා.
දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා සවස 6.00ට ගොඩිගමුව ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි.