මෙරට විදුලිබල පද්ධතිය ස්ථාවර කරන්න තැබූ දැවැන්ත පියවරක්! බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘතියේ තවත් පද්ධති හතක් කොළඹ වරායට..
Friday, 26 June 2026 - 15:55 | Views - 128
මෙරට විදුලිබල පද්ධතිය ස්ථාවර කරමින් පාරිභෝගිකයාට සහන සැලසීම සඳහා රජය විසින් ආරම්භ කරන ලද බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘතියේ තවත් පද්ධති හතක් කොළඹ වරායට රැගෙනවිත් තිබෙනවා.
 
මෙලෙස අලුතින් රැගෙන එන ලද බලශක්ති ගබඩා පද්ධති හත දිවයිනේ ප්‍රදේශ හතක පිහිටි විදුලිබල සම්ප්‍රේෂණ උපපොළවල් සමීපයේ සවිකිරීමට නියමිත බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ අනුව, මෙම බලශක්ති ගබඩා පද්ධති හත පානදුර, බෙලිඅත්ත, හම්බන්තොට, අම්පාර, වව්නතිව්, වාලච්චෙනෙයි හා මහියංගනය යන ප්‍රදේශ තෝරාගෙන තිබෙනවා.

මෙම නව පද්ධති හත භාවිත කිරීම මඟින් මෙගාවොට් 280ක විදුලි බල ශක්ති ප්‍රමාණයක් ගබඩා කර තබා ගැනීමට හැකියාව ලැබෙන අතර මෙමඟින් දෛනිකව මෙගාවොට් 70ක ධාරිතාවක් ජාතික විදුලි බල ජාලයට එකතු කිරීමට ද සැලසුම් කර ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top