කොපමණ සැඟවී සිටියත් නීතියෙන් බේරීමට නොහැකි බව පසක් කළ මොහොතක්.. මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ‘මාටියා’මෙරට ආරක්ෂක අංශ භාරයට..
Friday, 26 June 2026 - 10:45 | Views - 145
දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘කෙහෙල්බද්දර පද්මෙ’ නැමැත්තාගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ ‘මාටියා’ නැමැති පාතාල සාමාජිකයා මැලේසියාවේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (25) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබෙනවා.

මෙසේ පිටුවහල් කර ඇත්තේ බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් ‘මාටියා’ නැමැති 42 හැවිරිදි අයෙක්.

කොටුගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදනද (Red Notices) මින් පෙර නිකුත් කර තිබෙනවා.
මොහුට එරෙහිව ඇති ප්‍රධානතම චෝදනාව වන්නේ 2022 වසරේ ජූලි 22 වනදා ගම්පහ අධිකරණ පරිශ්‍රය තුළදී සිදුකළ ද්විත්ව ඝාතනයයි.

එහිදී ‘පස්පොඩ්ඩා’ නැමැති සංවිධානාත්මක අපරාධකරු සහ ඔහු සමඟ සිටි තවත් අයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමටත්, එහි රැඳී සිටි තවත් පිරිසකට වෙඩි තබා තුවාල සිදුකිරීමටත් මොහු සෘජුවම සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා (AirAsia) ගුවන් සේවයට අයත් AK-047 දරන ගුවන් යානයෙන් ඊයේ (25) රාත්‍රී 09.45ට පමණ මොහු කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් ඇති අතර, ගුවන් තොටුපොළ වෙත පැමිණි වඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව අප ගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කළා.

එහිදී මූලික ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු පෑලියගොඩ පිහිටි කොළඹ උතුර අපරාධ කොට්ඨාශය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

matia-the-main-shooter-of-kehelbaddara-padme-who-was-caught-in-malaysia-has-returned-to-sri-lanka
matia-the-main-shooter-of-kehelbaddara-padme-who-was-caught-in-malaysia-has-returned-to-sri-lanka
matia-the-main-shooter-of-kehelbaddara-padme-who-was-caught-in-malaysia-has-returned-to-sri-lanka
matia-the-main-shooter-of-kehelbaddara-padme-who-was-caught-in-malaysia-has-returned-to-sri-lanka
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top