පූජා නගරයට ඇතුළු වෙන්න වෙන්නේ One-way විතරයි! කරදරයකින් තොරව වන්දනා කරගන්න පොලිසියෙන් දැවැන්ත රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්..
Friday, 26 June 2026 - 10:19 | Views - 73
ජූනි 26 දින සිට ජූලි 02 දින දක්වා අනුරාධපුර අටමස්ථානය, මිහින්තලය සහ තන්තිරිමලය රජමහ විහාරය කේන්ද්ර කරගනිමින් 2026 රාජ්ය පොසොන් උත්සවය පැවැත්වීමට නියමිතව ඇති අතර, මේ සඳහා දිවයිනේ නන්දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්යාත බැතිමතුන්ගේ ආරක්ෂාව සහ රථවාහන පහසුව උදෙසා පොලිස් මාධ්ය කොට්ඨාසය විසින් විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ප්රකාශයට පත් කර තිබෙනවා.
 
ඒ අනුව, බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් නිලධාරීන් 3500කට අධික සංඛ්යාවක් රාජකාරියේ යොදවා ඇති බව එම නිවේදනයේ සඳහන් වෙනවා.

එහිදී, සෑම පොලිස් වසමක් තුළම දිවා සහ රාත්රී කාලයේ ජංගම, පාමුර, පාපැදි සහ යතුරුපැදි සංචාර ක්රියාත්මක වන අතර, මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල නිරීක්ෂණ කුළුණු ස්ථාපිත කර ඇති බවත්, අනුරාධපුර දිස්ත්රික්කයේ වැව් සහ ජලාශ 24ක් ආවරණය වන පරිදි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 150ක් යොදවා ඇති බවත් පොලිසිය පවසනවා.

පොලිස් නාවික කොට්ඨාසයේ ජීවිතාරක්ෂක නිලධාරීන් 120 දෙනෙකු ද සක්රීය සේවයේ යොදවා ඇති අතර, සුදුසු ස්ථාන හඳුනාගෙන, බෝයා යොදා වෙන් කර බැතිමතුන්ට ආරක්ෂිතව ජලය භාවිතා කිරීමට පහසුකම් සලසා තිබෙනවා.

අනාරක්ෂිත ස්ථානවල අනතුරු ඇඟවීම් පුවරු සවි කර ඇති බවත්, ශබ්ද විකාශන යන්ත්ර මඟින් ජනතාව දැනුවත් කරනු ලබන බවත්, නාවික හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය සහ ස්වේච්ඡා ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ ද සහාය ලබාගෙන ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

අනුරාධපුරය, මිහින්තලය සහ තන්තිරිමලය කේන්ද්ර කරගනිමින් කලාප 10ක් යටතේ රථවාහන සැලැස්ම ක්රියාත්මක වන අතර, පූජා නගරයට වාහන ඇතුළු කළ යුත්තේ එක් දිශාවකට පමණක් ගමන් කළ හැකි වන පරිදියි.

ඒ අනුව,

පැමිණෙන දිශාව - පුත්තලම දෙස සිට / පූජා නගරයට ඇතුළු විය යුතු ස්ථානය - පණ්ඩුලගම ප්රදේශයෙන්
පැමිණෙන දිශාව - කුරුණෑගල දෙස සිට / පූජා නගරයට ඇතුළු විය යුතු ස්ථානය - පොතානේගම ප්රදේශයෙන්
පැමිණෙන දිශාව - දඹුල්ල / පොළොන්නරුව දෙස සිට / පූජා නගරයට ඇතුළු විය යුතු ස්ථානය - ජයන්ති වටරවුම අසලින්
පැමිණෙන දිශාව - විලච්චිය / තන්තිරිමලය දෙස සිට / පූජා නගරයට ඇතුළු විය යුතු ස්ථානය - ලෝලුගස්වැව ප්රදේශයෙන්
පිටවීම: පූජා නගරයට ඇතුළු වන රථවාහන නැවත පිටවිය යුත්තේ යාපනය හන්දියෙන් හෝ මාකට් හන්දියෙන් පමණයි.

භාවිත කළ හැකි විකල්ප මාර්ග ලෙස,

පුත්තලම / කුරුණෑගල සිට පැමිණෙන රථවාහන - පොතානේගම හන්දිය, බන්ධනාගාර හන්දිය සහ දහයියාගම හන්දිය හරහා නව බස් නැවතුම්පළ දෙසට
දඹුල්ල / පොළොන්නරුව සිට වව්නියාව දෙසට - ගල්කුළම, මිහින්තලය, බොංජි පන්සල හන්දියෙන් හැරී, මිහින්තලය දුම්රිය ස්ථාන මාර්ගය හරහා නැවත A09 මාර්ගයට
වව්නියාව සිට පැමිණෙන රථවාහන - A09 මාර්ගයේ රබෑව, මිහින්තලය ඇඟලුම් කම්හල හන්දියෙන් දුම්රිය ස්ථාන මාර්ගයට පිවිස, බොංජි පන්සල හරහා ගල්කුළම හන්දියට
විලච්චිය / තන්තිරිමලය සිට පැමිණෙන රථවාහන - තිසාවැව සොරොව්ව අසලින් දකුණට හැරී පණ්ඩුලගම හන්දිය දෙසට
බැතිමතුන්ගේ රථවාහන ගාල් කිරීම සඳහා ප්රධාන රථගාල් 21ක් වෙන් කර ඇති බවත්, ඉසුරුමුණිය, සඳහිරු සෑය, ශ්රී මහා බෝධිය අවට, මිරිසවැටිය, බසවක්කුලම වැව, රුවන්වැලිසෑය, ථූපාරාමය, ලංකාරාමය, අභයගිරිය, ජේතවනාරාමය සහ කුට්ටම් පොකුණ යන ස්ථාන ඒ අතර වන බවත් පොලිසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

එසේම, බැතිමතුන්ගේ සෞඛ්යාරක්ෂාව සහ හදිසි ආපදා තත්ත්වයන් සඳහා ගිලන් රථ පහත ස්ථානවල ස්ථානගත කර තිබෙනවා.

අනුරාධපුර පොලිස් ස්ථානය, ජනාධිපති මන්දිරය, ඉසුරුමුණිය වටරවුම, යාපනය හන්දිය, පණ්ඩුලගම හන්දිය, පොතානේගම හන්දිය
Share This Article
Hiru Tv Blog
ඇය නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.ඒ විතරක් නෙවෙයි නර්ථනයටත් ඇය උපන් හපන්කම්...
Hiru Tv Blog
රොන් සොයා ටෙලිනාට්‍යයයෙන් මේ දිනවල ප්‍රේක්ෂකයො අතරට එන නවක නිළියක් විදිහට...
Hiru Tv Blog
ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාව, නැත්නම් සංගීත සංදර්ශන ගැන කතා කරද්දී අපිට කොහොත්ම...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top