ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය වෙනුවෙන් ජාතික මෙහෙයුමක්.. කොළඹ විශේෂ පා ගමනක් ඇරඹෙයි.
Friday, 26 June 2026 - 8:58 | Views - 51
අදට (2026 ජූනි 26) යෙදී ඇති ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය නිමිත්තෙන් "රටම එකට ජාතික මෙහෙයුම" යටතේ විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.

මේ වෙනුවෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා සංවිධානය කරන ලද විශේෂ පා ගමනක් අද උදෑසන කොළඹදී ආරම්භ කෙරුණා.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ සහභාගීත්වයෙන් කොළඹ චෛත්‍ය පාරේ සිට කොල්ලුපිටිය මංසන්ධිය දක්වා ගමන් කළ මෙම පාගමන ආරම්භ කළා.

මීට අමතරව, විෂ මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ජාතික මෙහෙයුමේ ප්‍රධාන කාර්යාලය සහ නිල මාධ්‍ය මධ්‍යස්ථානය අද පස්වරුවේ විවෘත කිරීමට නියමිතව තිබෙනවා. මෙම නව මධ්‍යස්ථානය කොළඹ 07, විජේරාම මාවතේදී මෙලෙස විවෘත වීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඇය නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.ඒ විතරක් නෙවෙයි නර්ථනයටත් ඇය උපන් හපන්කම්...
Hiru Tv Blog
රොන් සොයා ටෙලිනාට්‍යයයෙන් මේ දිනවල ප්‍රේක්ෂකයො අතරට එන නවක නිළියක් විදිහට...
Hiru Tv Blog
ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාව, නැත්නම් සංගීත සංදර්ශන ගැන කතා කරද්දී අපිට කොහොත්ම...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top