ලංකාවෙත් 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් වෙයිද? රටේ දරු පරපුර ආරක්ෂා කරගන්න ගෙනාපු අලුත්ම සැලසුම මෙන්න.
වයස අවුරුදු 16ට අඩු සිසුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම සඳහා වන "සමාජ මාධ්‍ය අවම වයස් පනත් කෙටුම්පත" පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත නිල වශයෙන් භාර දී තිබෙනවා.
මෙම නව පනත් කෙටුම්පතට අනුව, වයස අවුරුදු 16ට අඩු වයස් කාණ්ඩවල පසුවන දරුවන් සමාජ මාධ්‍ය පරිශීලනය කිරීම වැළැක්වීම සඳහා අන්තර්ජාල සේවා සපයන්නන් (Internet Service Providers) සහ සමාජ මාධ්‍ය වේදිකාවන් (Social Media Platforms) වෙත විවිධ නියෝග පැනවීමට කටයුතු කෙරෙනවා.
එම කටයුතුවලට අදාළ නීති රීති සහ රෙගුලාසි සැකසීමේ පූර්ණ බලය මෙමඟින් විෂය භාර අමාත්‍යවරයා වෙත පැවරීමට ද යෝජනා කර තිබෙනවා.
මේ වනවිට බ්‍රිතාන්‍යය ඕස්ට්‍රෙලියාව ඇතුළු රටවල් රැසක මෙම නීතිය ක්‍රියාත්මකය.