අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුව ලක්ෂ ගණනකින් අඩු වෙයි! මින් ඉදිරියට අස්වැසුම දීමනාව දුප්පත් සහ අන්ත දිළිඳු පවුල්වලට පමණයි..
අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය මඟින් මින් ඉදිරියට දීමනා ගෙවීම් සිදුකරනු ලබන්නේ දුප්පත් සහ අන්ත දිළිඳු පවුල් සඳහා පමණක් බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.
2023 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඒ සඳහා වන තොරතුරු යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතිනවා.
2023 වර්ෂයේදී කාණ්ඩ 4ක් යටතේ ලක්ෂ 16කට ආසන්න පිරිසකට අස්වැසුම දීමනා හිමි වුණා. කෙසේ වෙතත්, නව තීරණත් සමඟ ප්‍රතිලාභී කාණ්ඩ දෙකක ගෙවීම් නතර කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
2025 අප්‍රේල් මාසයේදී මෙම සිව්වන කාණ්ඩයට අයත් ප්‍රතිලාභීන් 315,000කට ගෙවීම් නතර කර තිබෙනවා.
තෙවන කාණ්ඩය වන මෙයට අයත් ප්‍රතිලාභීන් 425,000කට මේ වසරේ (2026) ජුනි මාසයේ සිට දීමනාවද නතර කර තිබෙනවා.
ගෙවීම් නතර කරන ලද මෙම කාණ්ඩ දෙක තුළ සිටින පවුල් අතරින් යම් පවුලක් මේ වන විට දුප්පත් හෝ අන්ත දිළිඳු තත්ත්වයට පත්ව සිටින්නේ නම්, ඔවුන්ට නැවත අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීමට හැකියාව පවතිනවා.
එවැනි පවුල්වලට නැවත මේ සඳහා අයදුම් කළ හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සහකාර කොමසාරිස් අශාන් දර්ශක සඳහන් කළා.