සුළු කාලයක් ඇතුළත ප්‍රබල භූමිකම්පා දෙකක්.. වෙනිසියුලාවම කඳුළින් නැහැවූ තවත් අඳුරු කතාවක්..
Thursday, 25 June 2026 - 10:25 | Views - 106
මේ කියන්න යන්නේ වසර 125කට පසු වෙනිසියුලාවෙන් වාර්තා වූ ප්‍රබලම භූ කම්පන තත්ත්වයක් ගැන කතාවක්. ලොවක් කම්පා කළ සිදුවීමක් ගැන දැන් ඇසෙන කතාව මොකක්ද..?

දකුණු ඇමෙරිකානු රටක් වන වෙනිසියුලාවේ බටහිර ප්‍රදේශයට ඊයේ (ජූනි 24) රාත්‍රියේ තත්පර 39ක් වැනි සුළු කාලයක් ඇතුළත රික්ටර් මාපක 7.2ක සහ 7.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පා දෙකක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කර ඇති පරිදි පළමු භූමිකම්පාව ඊයේ (24) එරට වේලාවෙන් පස්වරු 06:04ට (GMT 22:04) අගනුවර වන කරකාස් සිට බටහිරින් කිලෝමීටර් 284ක් දුරින් පිහිටි සැන් ෆෙලිප් (San Felipe) අසලින් හටගෙන ඇති අතර, එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.2ක් ලෙස සටහන් වුණා.

ඉන් තත්පර 39කට පසුව, අගනුවරට බටහිරින් කිලෝමීටර් 293ක් දුරින් පිහිටි යුමාරේ (Yumare) ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් මාපක 7.5ක ප්‍රබලත්වයෙන් යුත් දෙවන ප්‍රධාන භූමිකම්පාව සිදුව තිබෙනවා.

භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය බටහිර දෙසින් පිහිටියද, ඉන් කිලෝමීටර් සිය ගණනක් ඈතින් පිහිටි කරකාස් අගනුවරට දැඩි බලපෑම් එල්ල වී තිබුණා. අගනුවර පිහිටි මහල් නිවාස සහ ව්‍යාපාරික ගොඩනැගිලි රැසක් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් කඩා වැටී ඇති අතර, සුන්බුන්වලට මිනිසුන් සිරවී ඇති බව වාර්තා වෙනවා.

ගෑස් නළ පුපුරා යාම වැළැක්වීම සඳහා නගරයේ ගෑස් සැපයුම අත්හිටුවීමට රජය පියවර ගෙන ඇති අතර, කරකාස් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් ද තාවකාලිකව නවතා දමා තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම ද්විත්ව භූමිකම්පාව හේතුවෙන් ජීවිත හානි විශාල ප්‍රමාණයක් සහ බරපතළ දේපළ හානි සිදුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසනවා. ව්‍යසනය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව දහස් ගණනක් විය හැකි බවට ද ඔවුන් අනාවැකි පළ කරනවා.

සහන සේවා, පොලිසිය සහ ස්වේච්ඡා කණ්ඩායම් මේ වන විටත් මෙහෙයුම් සඳහා යොදවා ඇති අතර, පසු කම්පන (Aftershocks) ඇති විය හැකි බැවින් ජනතාවට විවෘත ස්ථානවල රැඳී සිටින ලෙස වෙනිසියුලා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩියොස්ඩාඩෝ කැබෙල්ලෝ (Diosdado Cabello) ප්‍රකාශ කළා.

මේ අතර භූමිකම්පාවත් සමඟ කැරිබියන් කලාපයේ පුවටෝ රිකෝ සහ වර්ජින් දූපත් වෙත නිකුත් කර තිබූ සුනාමි අනතුරු ඇඟවීම් පසුව ඉල්ලා අස්කර ගැනීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top