අහම්බෙන් කැමරාවට හසුවුණු රතු හිවල් පැටව් ටික.. එකිනෙකා පස්සේ පන්නමින් තණබිම් පුරා දඟලන අපූරු වීඩියෝවක් මෙන්න.
Thursday, 25 June 2026 - 9:37 | Views - 172
චීනයේ දෙවැනි මට්ටමේ ජාතික ආරක්ෂිත වනජීවියෙකු ලෙස නම් කර ඇති රතු හිවල් (Red Fox) පැටවුන් කිහිපදෙනකුගේ දුර්ලභ වීඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ කාගේත් අවධානයට ලක්ව තිබෙනවා.

මෙම දර්ශන වීඩියෝ ගතකර ඇත්තේ චීනයේ ඉනර් මොංගෝලියා ස්වයං පාලන කලාපයේ චිෆෙන්ග් (Chifeng) නගරයට අයත් හුවාන්ගාංලියැං (Huanggangliang) ප්‍රදේශයේදී යි.

වාර්තා වන අන්දමට මේ දිනවල රතු හිවලුන්ගේ අභිජනන සමය ආරම්භ වී තිබෙනවා. එම වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ හිවල් පැටවුන් කිහිපදෙනෙකු තම බෙනවලින්/ගුහාවලින් හිස් එළියට දමා අවට පරිසරය නිරීක්ෂණය කරන ආකාරයයි.

එසේම උන් එකිනෙකා ලුහුබැඳ යමින්, තණබිම් අතර සෙල්ලම් කරමින් විනෝදයෙන් කාලය ගත කරන අයුරු ද එහි සටහන්ව තිබෙනවා.

රතු හිවලාගේ සිරුර සිහින් වන අතර උල් හැඩැති නාසයක් සහ විශාල කන්වලින් යුක්ත වන අතර උගේ පිට ප්‍රදේශය දුඹුරු-කහ හෝ රතු-දුඹුරු පැහැති ලොම්වලින් වැසී ඇති අතර, කන්වල ඉහළ කොටස සහ පාදවල පිටත කොටස් කළු පැහැයෙන් යුක්ත වේ.

එමෙන්ම, රතු හිවලාගේ ඝන, දිගු වලිගයේ කෙළවර සුදු පැහැයෙන් යුක්ත වීම ඔවුන් සතු විශේෂ ලක්ෂණයක්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top