හැමෝම හිතුවේ භූමි ආයේත් එයි කියලා.. ඒත් අද..? ආදරණීය මතක කැමරා කාචයේ සටහන් කළ ඔහු ජීවන ගමනට සමුදෙයි..
ඔහු බොහෝ දෙනාගේ හදවත්වල නොමැකෙන චරිතයක්. ඒ විතරක්ම නෙවෙයි, ගොඩක් දෙනෙක්ට අමතක නොවන මතක ඉතුරු කළ චරිතයක්.
භූමි වික්‍රමසිංහ, කැමරා කාචයෙන් ඔහු දකින් වෙනස්ම හැඩතල නිසා ලංකාවේ ගොඩක් අය ඔහුගේ ඡායාරූපවලට ආදරය කළා.
අපි දන්න කියන කලා තරු ගොන්නක් එක්ක සමීපව වැඩ කරන්න අවස්ථාව ලබාගත් මේ තරුණයා ගැන මීට පැය කිහිපයකට කලින් අහන්න ලැබුණේ කණගාටුදායක පුවතක්.
ජීවිතය කියන්නේ අස්ථිර දෙයක් වුණත්, මේ තරම් ඉක්මනය ඔහු ජීවිත සටන පරදීවි කියලා කිසිවෙකුත් හිතන්න නැතුව ඇති. කලක පටන් පැවති රෝගී තත්වයක් හේතුවෙන් භූමි මේ වෙනකොට සදහටම අප අතරින් සමුගෙන ගිහින්. ක්ෂේත්‍රයේ බොහෝ දෙනා ඔහුගේ නික්මයාම ගැන මෙන්න මේ වගේ සංවේදී දසුන් එක්කර තිබුණා.
ඒවායෙන් කියවෙන්නේ ඔහු කොතරම් මානුෂීය ගුණාංගවලින් පිරුණු පුද්ගලයෙක්ද යන කාරණාවයි. ඉතින් ආදරණීය හිත් රැසක් හඬවා නිහඬ වුණු මේ ඡායාරූප ශිල්පියාට යළි උපදින කිසිඳු භවයකදී මෙවන් විපතක් අත් නොවේවා.