භෞතචිකිත්සකවරියගේ මරණයෙන් පසු ඔහු සිටියේ කොහේද..? වෙස්වලාගත් තෙල්දෙණිය සැකකරුගෙන් ඇස් මවිතවෙන පාපොච්චාරණයක්..
Wednesday, 24 June 2026 - 19:30 | Views - 33
මේ කියන්න යන්නේ අන්න ඒ සිද්ධිය ගැන තවත් ඇස් මවිතවන අනාවරණයක්. එක්වරම ඔහුගේ සැලසුම පොලිසිය ඉදිරියේ වමාරයිද..?

බොහෝ දෙනා ඒ ගැන අවදානයෙන් ඉන්නකොට තෙල්දෙණිය සිද්ධිය ගැන අද අසන්න ලැබුණේ වෙනස්ම ආරංචි කිහිපයක්.. යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් භෞතචිකිත්සකවරියගේ මරණයට සම්බන්ධ බව කියන සැකකාර පෙම්වතා නුවරඑළිය පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතව තිබෙනවා.

ඒ, පොලිස් භාරයට ගත් සැකකරුගේ බිරිඳ සහ කුඩා දරුවා ද සමගින්.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සහ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව සිදුකළ මෙහෙයුමකින් පසු සැකකරු අද අළුයම අත්අඩංගුවට ගනු ලැබුවේ චාවකච්චේරිය - කයිතඩි ප්‍රදේශයේදීයි.

මෙහිදී සැකකරු බස් රථයකින් පැමිණෙමින් සිටින බව වලාන දූෂණ මර්දන ප්‍රහාර ඒකකය යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත දැනුම් දී තිබුණා.

ඒ අනුව, බස් රථ පරීක්ෂා කිරීමට එම කාර්යාංශය කටයුතු කළ අවස්ථාවේදී කන්කසන්තුරය දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක සිටි සැකකරු ඇගේ බිරිඳ සහ දරුවා පොලිස් භාරයට ගැණුනා. මොවුන් ඉන්දියාවට පලා යෑමට සූදානම්ව සිටි බවටයි පොලිසිය සැකකරන්නේ.

පොලිසිය සඳහන් කළේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු මුව ආවරණයක් සහ හිස් ආවරණයක් පැලඳ දමිළ ජාතිකයෙකු ලෙසත් ඔහුගේ බිරිඳ මුස්ලිම් කාන්තාවක් ලෙසත් වෙස්වලාගෙන සිටි බවයි. එසේම, කාන්තාව සතුව තිබී හැඳුනුම්පතක් ද සොයාගෙන තිබෙනවා.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, වව්නියාවේ සිට කුරුණෑගලට පැමිණ අනෙක් දරුවන් දෙදෙනා බලා, පොලීසියට භාරවීමට සිටි බවයි. පසුව විමර්ශන නිලධාරින් හමුවේ සැකකරු පාපොච්ඡාරණයක් ද සිදුකර තිබෙනවා.

සැකකරුගේ දියණියගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ පසුගිය 21 වන දින පියා විසින් තමාව සහ සහෝදරයා මිත්තණියගේ නිවසේ දමා ගිය බවයි.

සැකකරු භෞතචිකිත්සකවරිය මිය යෑමෙන් පසු දින කිහිපයේ මීගමුව, හලාවත යන ප්‍රදේශවල සිට ඇති අතර එහිදීද ඔහු වෙස් වලාගෙනයි සිට ඇත්තේ. දින කිහිපයක් යාපනය ප්‍රදේශයේ රැදී සිටීමට දමිළ භාෂාවද පුහුණු වී තිබෙනවා. ඒ ඔහු දමිළ ජාතිකයෙක් බව හැඟවීම සඳහායි.

තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී 33 හැවිරිදි අදාළ තරුණියගේ මළ සිරුර සොයාගනු ලැබුවේ පසුගිය 17 වනදායි. පසුව ඇය වැලිගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවට අනාවරණය වුණා.

මේ අතර, අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් කළ විමර්ශනවලදී මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් ගම්පහ, අලුත්කඩේ, තිස්සමහාරාමය, කඩුවෙල හා හොරණ යන අධිකරණවල නඩු පවතින බවට අනාවරණය වී තිබෙනවා.

ඊට විවාහ වන බවට පවසා රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් ද නඩු පවතින බවටයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ. මීට අමතරව, විදේශ රටවලින් වාහන ගෙන්වන බව පවසා සහ විදේශගත කරන බවට පවසා මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් ද සැකකරුට චෝදනා එල්ලවී ඇති බව පොලිසිය සඳහන් කළා.

සැකකරු තට්ටය සහිත පුද්ගලයෙක් වන අතර මොහු බොරු කොණ්ඩයක් දමා මෙලෙස කාන්තාවන් සුක්ෂම ලෙස රවටා ඇති බවයි අනාවරණය වුණේ.එසේම මොහු පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු බවට වාර්තා පළවුව ද එය අසත්‍යක් බව හෙළි වුණා.

අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය පොලිසියට භාර දීමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
රොන් සොයා ටෙලිනාට්‍යයයෙන් මේ දිනවල ප්‍රේක්ෂකයො අතරට එන නවක නිළියක් විදිහට...
Hiru Tv Blog
ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාව, නැත්නම් සංගීත සංදර්ශන ගැන කතා කරද්දී අපිට කොහොත්ම...
Hiru Tv Blog
අද ඇයට ගොඩක් විශේෂ දවසක්.  අතුල - සමිතා යුවලගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා අධිකාරිගේ...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top