මියැදෙන්න පෙර මිතුරියකට පණිවුඩයක්... අවාසනාවන්ත ඉරණමකින් ජීවිතයෙන් සමුගත් රුහුණු සරසවියේ සඳලි ගැන ඇසෙන සංවේදීම කතාව මෙන්න..
Wednesday, 24 June 2026 - 18:22 | Views - 81
රුදුරු ඩෙංගු මාරයාගෙන් ඇය අවසන් ගමන් යාවි කියලා ඇයට ආදරය කළ කිසිවෙකුත් හිතන්නට නැතුව ඇති.

සුරූපී බවින් අඩුවක් නැති ආදරණීය සඳලි දැන් සියල්ලන්ගේ මතකයක්ව අවසන්.

ඇයගේ මේ වෙන්වයාම ඇයට ආදරය කරන පිරිස කොහොම නම් දරාගනිවිද..? එසේ අවාසනාවන්ත ලෙස මරුමුවට පත්ව ඇත්තේ සඳලි තාරකා නැමැති සිසුවියක්.

රුහුණ විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ 46 ශිෂ්‍ය කණ්ඩායමේ ඉගෙනුම ලැබූ, මාතර දෙනියාය ප්‍රදේශයේ පදිංචි සිසුවියක් වන සඳලි ඩෙංගු උණ හේතුවෙන් සමුගත්තා.

මිය යාමට පෙර ඇය සිය මිතුරියකට වට්ස්ඇප් පණිවුඩයක් තබා තිබුණේ "නොමැරි සිටියොත් එන්නම්" කියායි.

ඇයගේ සමීපතම සහෝදර සිසුන් සඳලිගේ වියෝව පිළිබඳව සංවේගයෙන් යුතුව පවසා තිබුණේ මෙවැන්නක්..

"මිය යාමට පෙර ඇය සිය මිතුරියකට වට්ස්ඇප් පණිවුඩයක් තබා තිබුණේ "නොමැරි සිටියොත් එන්නම්." කියායි.
අවසන් මහා විනශකාරී ''ඩෙංගු රෝගය'' විසින් අපේ මේ ආදරණීය සහෝදරියගේ ජීවිතය මෙතරම් ඉක්මනින් අපෙන් උදුරා ගත්තේ මුළු මහත් විශ්වවිද්‍යාල ප්‍රජාවම දැඩි ශෝකයකට සහ කම්පනයකට පත් කරමිනි."
"නිවන් සුව සදලි...!
ජීවිතේට සතුට පිරුණු ලස්සන ආත්මයක ඉපදෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ ආත්මෙදි කිසිම ලෙඩක් දුකක් නැති ජීවිතයක්, වචනෙකින් හෝ හිත් නොරිද්දන මිනිස්සුම හමුවෙන්න ඕනේ. මේ වගේ ලස්සන රූපයක් ලැබිලා ගොඩාක් කල් අපි එක්කම ජීවත් වෙන්න... අපි ආයේ කවදා හරි හම්බෙමු.
ඉතින් අපි එනකන් පරිස්සමෙන් ඉඳපන් මැනික..."

කෙසේ වෙතත් මාතර මහ නගර සභා බල ප්‍රදේශය ද ඩෙංගු අධි අවදානම් තත්වයක පවතිනවා. එබැවින් ඔබේ ආදරණීයන්ගේ ජීවිත ආරක්ෂාව කර ගැනීම ගැන ඔබ දෙපාරක් සිතන්න..

Share This Article
Hiru Tv Blog
ඇය නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.ඒ විතරක් නෙවෙයි නර්ථනයටත් ඇය උපන් හපන්කම්...
Hiru Tv Blog
රොන් සොයා ටෙලිනාට්‍යයයෙන් මේ දිනවල ප්‍රේක්ෂකයො අතරට එන නවක නිළියක් විදිහට...
Hiru Tv Blog
ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාව, නැත්නම් සංගීත සංදර්ශන ගැන කතා කරද්දී අපිට කොහොත්ම...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top