ජුනි 30ට පෙර අයදුම් කරන්න... රජයේ හෙද පුහුණුවට සිසුන් 3000ක් බඳවා ගැනීමේ සම්පූර්ණ විස්තරය මෙන්න!
Wednesday, 24 June 2026 - 18:08 | Views - 62
මේ දවස්වල හැමෝම රට පනිනවානේ. අපේ රටේ සෞඛ්ය ක්ෂේත්රයත් දැන් සෑහෙන්න අමාරුවක වැටිලා තියෙන්නේ නර්ස්ලා පෝලිමට රට යන නිසා.

ඉතින් මේකට විසඳුමක් විදියට සෞඛ්ය අමාත්යංශයෙන් ඔන්න අලුත්ම ගැසට් එකක් (අංක 2487) ගහලා තියෙනවා. ඒ තමයි එකපාරටම නවක සිසු හෙද හෙදියන් 3000ක් බඳවාගන්න තීරණය කරලා! මේ එළඹෙන 2026 ජුනි 30 වැනිදා වෙනකම් විතරයි අයදුම් කරන්න කල් තියෙන්නේ.

ඉතින් මේ තියෙන්නේ රජයේ රස්සාවක් හීන දකින ඔයා දැනගන්නම ඕනේ විස්තර ටික.

දත්ත බැලුවම ඇඟ හිරිවැටෙනවා. 2023 දී අපේ රටේ 53,283ක් හිටපු හෙද නිලධාරීන් ගාණ, 2025 වෙද්දී 45,459 දක්වාම පල්ලෙහාට වැටිලා. ඉතින් මේ දැවැන්ත පුරප්පාඩුව පුරවන්න තමයි 2025 ඉඳන් 2029 වෙනකම් 13,600ක් අලුතින් බඳවාගන්න ප්ලෑන් කරලා තියෙන්නේ. මේ 3000 බඳවාගන්නේ ඒකේ පළමු පියවර විදියටයි.

මෙන්න සුදුසුකම්!

විෂය ධාරාව- A/L Biology හෝ Maths කරලා එකපාරින් විෂයන් 3ම පාස් වෙන්න ඕනේ. (වැදගත්ම දේ තමයි 2021, 2022, 2023 සහ 2024 අවුරුදුවල විභාගය කරපු අයටත් මේ සැරේ චාන්ස් එක දීලා තියෙනවා!)
O/L රිසාල්ට්- සිංහල/දෙමළ, ගණිතය, විද්යාව සහ ඉංග්රීසි කියන විෂයන් 4ට අනිවාර්යයෙන්ම 'සම්මාන' (C passes) තියෙන්න ඕනේ. උපරිම දෙපාරකින් විෂයන් 6ක් පාස් වෙලා තියෙන්නත් ඕනේ.
වයස- 2026 ජූනි 30 වෙද්දී වයස අවුරුදු 18ත් 28ත් අතර වෙන්න ඕනේ.
උස- අඩි 4යි අඟල් 10ට (147.3cm) වඩා උස වෙන්නම ඕනේ.
කෙල්ලො කොල්ලො භේදයක් නෑ- මේකට ගැහැණු/පිරිමි දෙගොල්ලොන්ටම ඉල්ලන්න පුළුවන්.
මෙතනදි ලංකාවටම එක Z-Score එකක් නෑ. දිස්ත්රික් මට්ටමින් තමයි කඩඉම් ලකුණු බලන්නේ. කොළඹට වඩා දුෂ්කර පළාත්වල අයට අඩු Z-Score එකකින් ගොඩයන්න පුළුවන්. ඒ වගේම කෙල්ලන්ටයි කොල්ලන්ටයි වෙන වෙනම තමයි කඩඉම් ලකුණු තීරණය වෙන්නේ. වැඩිම ලකුණු ගන්න අයව ඉන්ටර්විව් කරලා, සහතික බලලා, ඉංග්රීසි දැනුමයි පෞරුෂයයි චෙක් කරලා තමයි ට්රේනින් එකට ගන්නේ.

මේක නිකන්ම නිකන් ට්රේනින් එකක් නෙවෙයි. ඔයාට වාසි ගොඩයි!
අවුරුදු 3ක ට්රේනින් කාලය ඇතුළත රජයෙන් ඔයාට මාසික දීමනාවක් ගෙවනවා. ඒ කියන්නේ ඉගෙන ගන්න ගමන් අතට කීයක් හරි එනවා!
පාඨමාලාව සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඉංග්රීසි මාධ්යයෙන්. ඒක ජාත්යන්තරයට යන්නත් ලොකු ප්ලස් පොයින්ට් එකක්.
ට්රේනින් එකට යන්න කලින් ඔයාට ඇප බැඳුම්කරයකට අත්සන් කරන්න වෙනවා. හැබැයි අවුරුදු 3 ඉවර වුණ ගමන් කිසිම රස්තියාදුවක් නැතුව රජයේ රෝහලක ස්ථීර (Grade III) පත්වීමක් අනිවාර්යයෙන්ම ලැබෙනවා.

මේ පාර ලියුම් කවරවල දාලා තැපැල් කළාට වැඩක් නෑ. ඔක්කොම තියෙන්නේ Online!
සෞඛ්ය අමාත්යංශයේ නිල වෙබ්සයිට් එකට (www.health.gov.lk) යන්න.
'Vacancies & Recruitment' කියන තැනට ගිහින් 'Call for Applications Online for the Nursing Training - 2026' ලින්ක් එකෙන් ඇප්ලයි කරන්න.
Share This Article
Hiru Tv Blog
රොන් සොයා ටෙලිනාට්‍යයයෙන් මේ දිනවල ප්‍රේක්ෂකයො අතරට එන නවක නිළියක් විදිහට...
Hiru Tv Blog
ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාව, නැත්නම් සංගීත සංදර්ශන ගැන කතා කරද්දී අපිට කොහොත්ම...
Hiru Tv Blog
අද ඇයට ගොඩක් විශේෂ දවසක්.  අතුල - සමිතා යුවලගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා අධිකාරිගේ...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top