තවමත් අභිරහසක් වූ ඇයගේ මරණය ගැන ඔහු පැවසුවේ කුමක්ද..? රටම සෙවූ හොර පෙම්වතා යාපනයේදී කොටු කරගත් මෙහෙයුම මෙන්න..
Wednesday, 24 June 2026 - 16:59 | Views - 51
තෙල්දෙණියේදී සිරුර හමුවූ භෞත චිකිත්සකවරියගේ සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
ඒ, යාපනය ප්රදේශයේදීයි.

මෝටර් රථයක් තුළ කාන්තා මළ සිරුරක් ඇති බවට පසුගිය 17 වැනිදා පස්වරුවේදීයි තෙල්දෙණිය පොලිසියට තොරතුරක් ලැබී තිබුණේ.

ඒ අනුව එම මළ සිරුර සොයාගත් අතර, මෙලෙස මියගොස් තිබුණේ, වැලිගම - කුරුඳු කොරටුව - පලල්ල යන ප්රදේශයේ පදිංචි අම්පාර ප්රදේශයේ රෝහලක සේවයේ නිරතව සිට සේවයෙන් ඉවත්ව සිටි භෞත චිකිස්සකවරියක්.

මෙම කාන්තාව සිය පෙම්වතා බව කියන පුද්ගලයෙකු සමග නුවරඑළිය ප්රදේශයේ නාවාතැන් පොළකට 16 වැනිදා පැමිණ ඇති බව විමර්ශනවලදී හෙළිවුණා.

පසුව පෙම්වතා එම කාන්තාවගේ මළ සිරුර එදිනම රාත්රියේ මෝටර් රථයක දමා පසුදා උදෑසන තෙල්දෙණිය ප්රදේශයට රැගෙන එන්නට ඇති බවට සැකකරන බවයි පොලිසිය කියා සිටියේ.

අනතුරුව පෙම්වතා විසින්ම තෙල්දෙණිය පොලිසිය වෙත දුරකථන ඇමතුමක් ලබා දී මේ බව දැනුම් දී ඇති බවද විමර්ශනවලදී අනාවරණය වුණා.

එමෙන්ම අදාළ තරුණිය සිය ඔහු සමග කැනඩාවට යෑමේ අපේක්ෂාවෙන් රුපියල් කෝටි එකහමාරක පමණ මුදලක් බැංකුවකින් හා පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් පොලී මත ලබාගෙන පෙම්වතාට ලබාදී තිබෙන බවද විමර්ශනවලදී හෙළිවුණා.

පසුව අනාවරණය වුණේ, ඔහු නාරම්මල ප්රදේශයේ පදිංචි තිදරු පියෙක් බවත්, තට්ටය සහිත පුද්ගලයෙක් වන මොහු බොරු කොණ්ඩයක් දමා මෙලෙස කාන්තාවන් සුක්ෂම ලෙස රවටා ඇති බවත්.

එසේම සැකකරු කාන්තාවන් සහ තරුණියන් සමග සම්බන්ධතා පවත්වමින් ඔවුන්ගේ මුදල් වංචා සිදු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ දිවයිනේ විවිධ ප්රදේශවල පොලිස් ස්ථානවල පැමිණිලි මෙන්ම අධිකරණවල නඩු ද පවතිනවා.

කෙසේ වෙතත් එම තරුණියගේ මරණය සිදු වූයේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී තිබුණේ නැහැ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ක්රියාත්මක වූ විමර්ශනවලට අනුවයි යාපනය ප්රදේශයේ දී ඔහුව මෙසේ අත්අඩංගුවට ගැනුණේ.
Share This Article
Hiru Tv Blog
ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාව, නැත්නම් සංගීත සංදර්ශන ගැන කතා කරද්දී අපිට කොහොත්ම...
Hiru Tv Blog
අද ඇයට ගොඩක් විශේෂ දවසක්.  අතුල - සමිතා යුවලගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා අධිකාරිගේ...
Hiru Tv Blog
ටනාෂා හතරසිංහ කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ , ජනප්‍රිය රංගන ශිල්පිනියක්.  ඔන්න...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top