කිසිවෙකුට ළඟාවිය නොහැකි වූ දැවැන්ත කඩඉමක් රොනාල්ඩෝ පසුකරයි.. ලෝක කුසලාන 6කදී ගෝල රැස්කරමින් වාර්තා තැබූ ඔහු ගැන ඇසෙන කතාව මෙන්න.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී උස්බෙකිස්තානයට එරෙහිව තරගය ආරම්භ වී 6 වැනි මිනිත්තුවේදීම අතිවිශිෂ්ට ගෝලයක් වාර්තා කරමින්, ලෝක පාපන්දු ඉතිහාසයේ එකිනෙකට වෙනස් ලෝක කුසලාන තරගාවලි හයකදී ගෝල රැස්කළ ප්රථම සහ එකම ක්රීඩකයා බවට පත්වීමට 41 හැවිරිදි පෘතුගාල ජාතික ක්රිස්ටියානෝ රොනාල්ඩෝ (Cristiano Ronaldo) මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා.
මේ සමඟින් තරගයේ මුල් භාගයේදීම පෘතුගාලය 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා.
සමස්ත ක්රීඩා ලෝකයම මවිතයට පත් කරමින්, පෘතුගාලයේ සුපිරි පාපන්දු තරුව වන ක්රිස්ටියානෝ රොනාල්ඩෝ, උස්බෙකිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගයේදී මෙම ලෝක වාර්තාව තමන් සතු කරගත්තා.
තරගයේ ආරම්භයේදීම දැඩි ආක්රමණශීලී ක්රීඩා විලාශයක් පෙන්නුම් කළ පෘතුගාල කණ්ඩායම වෙනුවෙන්, 6 වැනි මිනිත්තුවේදී ක්රියාත්මක වූ රොනාල්ඩෝ ප්රතිවාදී ආරක්ෂක වළල්ල මුළුමනින්ම බිඳදමමින් මෙම තීරණාත්මක ගෝලය වාර්තා කරමින් තරගයේ පීඩනය ලිහිල් කිරීමට සමත් වුණා.
මෙම ඓතිහාසික ගෝලයත් සමග 41 වැනි වියේ පසුවන රොනාල්ඩෝ, මෙතෙක් ලෝක පාපන්දු ඉතිහාසයේ කිසිදු ක්රීඩකයෙකු ළඟාවීමට නොහැකි වූ අතිදැවැන්ත කඩඉමක් පසුකළා.
ඒ අනුව ඔහු 2006, 2010, 2014, 2018, 2022 සහ වත්මන් 2026 යන එකිනෙකට වෙනස් ලෝක කුසලාන තරගාවලි හයකදීම අවම වශයෙන් එක් ගෝලය බැගින් හෝ රැස්කළ ලොව එකම පාපන්දු ක්රීඩකයා ලෙස නිල වශයෙන් වාර්තා පොත් අතරට එක් වුණා.