පොසොන් පොහොය නිමිත්තෙන් දිවයිනේ සියලුම මත්පැන්හල් වැසෙයි.. නීති කඩ කළොත් වැඩ වරදින සුරාබදු දෙපාර්තමේන්තුවේ අලුත්ම තීරණය මෙන්න.
Wednesday, 24 June 2026 - 16:55 | Views - 58
එළැඹෙන පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සියලුම සුරාබදු බලපත්රලත් මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
 
ලබන 29 වැනිදාට යෙදෙන පොහෝ දිනය මුල් කරගනිමින් මෙම පියවර ගත් බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න සඳහන් කළා.

සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, ලබන 28 වැනිදා සිට 30 වැනිදා දක්වා තෙදිනක් දිවයිනේ සියලුම මත්පැන් විකුණන ස්ථාන සම්පූර්ණයෙන්ම වසා තැබිය යුතු වනවා.

මේ අතර, රාජ්ය පොසොන් උත්සවයට සමගාමීව ලබන 26 වන දින සිට ජුලි මස 02 වැනිදා දක්වා ප්රකාශයට පත් කර ඇති පොසොන් සතිය තුළ අනුරාධපුර පූජා නගරය කේන්ද්ර කරගනිමින් විශේෂ නියෝගයක් පනවා තිබෙනවා.

ඒ අනුව මිහින්තලේ, මධ්යම නුවරගම් පළාත, නැගෙනහිර නුවරගම් පළාත සහ මහවිලච්චිය යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශ 04 තුළ පිහිටි සියලුම මත්පැන්හල් ලබන 25 වන දින වසනු ලබන වේලාවේ සිට ජුලි මස 03 වන දින විවෘත කරන වේලාව දක්වා දීර්ඝ කාලයක් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබෙනවා.

අදාළ දිනවලදී නීති විරෝධී ලෙස මත්පැන් විකුණන හෝ බලපත්ර කොන්දේසි කඩකරන ස්ථාන පිළිබඳව තොරතුරු ඇත්නම්, 1913 කෙටි දුරකථන අංකය ඔස්සේ පැය 24 පුරා ක්රියාත්මක මෙහෙයුම් මැදිරිය වෙත දැනුම් දෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

නීති කඩකරන ස්ථාන සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්රියාත්මක කරන ලෙස දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් දී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්ය ප්රකාශක, නියෝජ්ය සුරාබදු කොමසාරිස් ඒ.ඒ. රොෂාන් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාව, නැත්නම් සංගීත සංදර්ශන ගැන කතා කරද්දී අපිට කොහොත්ම...
Hiru Tv Blog
අද ඇයට ගොඩක් විශේෂ දවසක්.  අතුල - සමිතා යුවලගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා අධිකාරිගේ...
Hiru Tv Blog
ටනාෂා හතරසිංහ කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ , ජනප්‍රිය රංගන ශිල්පිනියක්.  ඔන්න...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top