යාළුවෝ එක්ක නාන්න ගිහින් වෙච්ච දෙයක්.. කතළුව මුහුදේ දිය නෑමට ගිය තරුණයෙකුට අත් වූ ඛේදජනක ඉරණම..
Monday, 22 June 2026 - 14:18 | Views - 67
හබරාදූව පොලිස් වසමට අයත් කතළුව ප්රදේශයේ මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී ගසාගෙන යාමෙන් ඊයේ (21) දහවල් ජීවිතක්ෂයට පත්ව ඇතැයි හබරාදූව පොලිසිය පවසනවා.
 
කුරුණෑගල ප්රදේශයේ සිට තවත් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් සඳහා පැමිණි පිරිසක් කතළුව මුහුදු වෙරළේ දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

දියේ ගිලී ගසාගෙන යමින් සිටි මෙම පුද්ගලයා අවට සිටි පිරිස් විසින් වහා ක්රියාත්මක වී බේරාගෙන ඇති අතර, ඔහුව රෝහල් ගත කිරීමට රැගෙන යමින් සිටියදී මෙලෙස මියගොස් තිබුණා.

මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොතුහැර ප්රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි වියේ පසුවන අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් විසින් මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

මෘත දේහය පිළිබඳ ඉදිරි පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත අතර හබරාදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
අද ඇයට ගොඩක් විශේෂ දවසක්.  අතුල - සමිතා යුවලගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා අධිකාරිගේ...
Hiru Tv Blog
ටනාෂා හතරසිංහ කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ , ජනප්‍රිය රංගන ශිල්පිනියක්.  ඔන්න...
Hiru Tv Blog
උමාරා සිංහවංශ කියන්නේ ලංකාවේ ජනප්‍රිය වගේම දක්ෂතම ගායිකාවක් සහ සංගීත ආචාර්යවරියක්..ඇගේ...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top