"උණ හැදුණොත් කිසිසේත්ම සැහැල්ලුවෙන් හිතන්න එපා..." වසරේ ප්‍රථම වතාවට දිනකදී ඩෙංගු ආසාදිතයන් 1,000 ඉක්මවයි.
Monday, 22 June 2026 - 14:10 | Views - 174
ඩෙංගු රෝග ව්යාප්තිය සීග්රයෙන් ඉහළ යමින් පවතින පසුබිමක, ඊයේ (21) දිනය තුළ පමණක් අලුතින් ඩෙංගු රෝගීන් 1,069 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ දිනක් ඇතුළත ඩෙංගු ආසාදිතයන් 1,000 සීමාව ඉක්මවා ගිය ප්රථම අවස්ථාව මෙය බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ විශේෂඥ වෛද්ය කපිල කන්නන්ගර තහවුරු කළා.

පවතින වැසි සහිත කාලගුණයත් සමග දිවයින පුරා ඩෙංගු මදුරුවන් බෝවීම වේගවත් වී ඇති අතර, මේ වන විට මෙරට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්යාව 46,000 සීමාව ද ඉක්මවා ගොස් තිබෙනවා.

ඉන් වැඩිම රෝගීන් සංඛ්යාවක් වාර්තා වන්නේ බස්නාහිර සහ දකුණු පළාත්වලින් වන අතර, ජූනි මාසය තුළ පමණක් රෝගීන් 12,000කට අධික සංඛ්යාවක් හඳුනාගෙන තිබුණා.

තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් රෝහල් ධාරිතාවලට ද දැඩි බලපෑමක් එල්ල විය හැකි බැවින්, උණ රෝග ලක්ෂණ පවතී නම් ප්රවේශම් වන ලෙසත්, අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට වහාම පියවර ගන්නා ලෙසත් සෞඛ්ය අංශ මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටිනවා.
Share This Article
Hiru Tv Blog
දත් මැදීමෙන් පමණක් මුඛයේ සෞඛ්‍යය සම්පූර්ණයෙන්ම...
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
කෘතිම බුද්ධිය (AI) සහ රොබෝ තාක්ෂණය වේගයෙන් වර්ධනය වීම හමුවේ මිනිස් රැකියා සුරක්ෂිතභාවය...
Hiru Tv Blog
ගොඩබිම මෙන්ම මුහුදේ ද එකවර ධාවනය කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් උභයජීවී (Amphibious) යාත්‍රාවක්...
Hiru Tv Blog
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top