රටටම ආදර්ශයක් දුන් ඇල්පිටියේ අපූරු පාසල! අම්පේගම ප්‍රාථමික විද්‍යාලයේ ස්මාර්ට් ඩෙංගු මර්දන ව්‍යාපෘතිය මෙන්න..
Monday, 22 June 2026 - 11:49 | Views - 151
නිරිතදිග මෝසම් වැසි තත්ත්වයත් සමඟ මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය දැඩි ලෙස ඉහළ යමින් පවතිනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත අනුව මෙතෙක් ඩෙංගු රෝගීන් 42,000කට අධික සංඛ්‍යාවක් හමු වී ඇති අතර මරණ 24ක් ද වාර්තා වී තිබෙනවා.

මෑතකදී නිකුත් කළ දත්තවලට අනුව පාසල් පරිශ්‍රවලින් 41%ක්ම මදුරුවන් බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන ඇති පසුබිමක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය අධ්‍යාපන කලාපයට අයත් අම්පේගම ප්‍රාථමික විද්‍යාලය මේ සඳහා අගනා ආදර්ශමත් විසඳුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

අම්පේගම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු 26 දෙනෙකුගෙන් යුත් ගුරු මණ්ඩලයත්, එහි අධ්‍යාපනය ලබන 600කට ආසන්න සිසු පිරිස සහ දෙමව්පියන් එකතුව, ඩෙංගු මදුරුවන් බෝවීමට ප්‍රධානතම තෝතැන්නක් වන ඉවතලන පොල්කටු එක් රැස් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඔවුන්ගේ ඉලක්කය වන්නේ නිවෙස්වලින් එකතු කරන මෙම පොල්කටු අලෙවි කර ලැබෙන මුදලෙන් පන්ති කාමර 15ක් සඳහා මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් සවි කිරීමයි.

මෙම වැඩසටහන යටතේ දරුවන් නිවෙස්වලින් රැගෙන එන පොල්කටු භාරගනු ලබන්නේ දෙමව්පියන් 40 දෙනෙකුගෙන් යුත් පාසල් ඵලදායීතා කමිටුව විසිනි.

ජූනි 05 වැනිදා ක්‍රියාත්මක කළ පළමු දිනයේම පොල්කටු 11,000කට අධික ප්‍රමාණයක් ලැබුණු අතර ඒවා විකුණා රුපියල් 37,000ක ආදායමක් උපයා තිබෙනවා.

ජූනි 16 වැනිදා ක්‍රියාත්මක කළ දෙවන අදියරේදී පොල්කටු 25,000කට අධික ප්‍රමාණයක් (කිලෝග්‍රෑම් 2000කට වැඩි) ලැබුණු අතර, ඒවායින් රුපියල් 135,000ක මුදලක් උපයා ගැනීමට පාසලට හැකිව තිබෙනවා.

පළමුව ලැබුණු මුදලෙන් දැනටමත් එක් පන්ති කාමරයකට මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරයක් සවි කර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා යොදවා තිබෙනවා. ඉදිරියේදී සෙසු පන්ති කාමරවලට ද ප්‍රොජෙක්ටර් සවිකිරීමට සහ පරිගණක මිලදී ගැනීමට පාසල් බලධාරීන් සැලසුම් කර තිබෙනවා.

මෙමඟින් නිවෙස්වල ඩෙංගු අවදානම නැති වන අතරම, කිසිවෙකු ගණනකට නොගන්නා පොල්කටු මුදල් බවට පත් කර පාසලේ අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වූ බව විදුහල්පති කේ.කේ. සමන් චන්දන පැවසුවා.

සෞඛ්‍ය, පරිසරය සහ අධ්‍යාපනය එකට යා කළ අම්පේගම ප්‍රාථමික විද්‍යාලයේ මෙම 'ස්මාර්ට්' වැඩසටහන සමස්ත රටටම කදිම ආදර්ශයක්.

මූලාශ්‍ර: බීබීසී පුවත් ඇසුරින්..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top